විමුක්ති එස් රුද්රිගු
ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබනවිට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත් විදුලිය හා ඉන්ධන භාවිත කරන්නන් ඒ සඳහා සුදුසු පිරිවැයට සරිලන මිලක් ගෙවීම ආර්ථිකයට වඩාත් හොඳම දෙය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.
පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබුවහොත් එම පාඩු මගහරවා ගැනීම සඳහා බදු ගෙවන්නාගේ මුදලින් සහන ලබාදීමට රජයට සිදුවන බවත් එවිට සහන ලබාදීමට වැයවෙන මුදල් නැවත ලබාගැනීමට ජනතාවට නව බදු පැනවීමට රජයට සිදුවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පිරිවැය ආවරණය වන මිලකරණයක් ක්‍රිත්මක කිරීමේ මූලධර්මයට රටක් වශයෙන් ශ්‍රී ලංකාව එකඟ වූයේ පසුගිය වසරේ බවත් වර්තමාන විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය. පිරිවැයට සරිලන ආකාරයට යම් සංශෝධනයක් කළ යුතු බව දෙපාර්ශවය එකඟතාව පළකර තිබෙන බවත් පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යාශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකතුවී බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (22) ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.
වර්තමානයේ වගා සඳහා බව පෙන්වා දෙමින් මුදල් බාර ගන්නා ව්‍යාපෘති බිහිවී ඇති බවත් ආයෝජන මුදලට මාසිකව විශාල මුදලක් ගෙවා වසර 5 අවසානයේදී එම මුදලද ලබාදිය හැකි ආකාරයේ විශාල ලාබයක් පර්චස් 10 ඉඩමක වගා කර ලබාගන්නේ කෙසේදැයි එවැනි ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට ප්‍රථම ජනතාව තාර්කිකව සිතිය යුතු බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
එවැනි ව්‍යාපෘති ලබා ගන්නේ තැන්පතු බව ඔප්පු වුවහොත් ඒවා නීති විරෝධී වන නමුත් ආයෝජන මහ බැංකුවෙන් නියාමනය නොවන බවත් එම ව්‍යාපෘති මෙහෙයවන්නන් ආයෝජන යැයි පෙන්වා මුදල් බාරගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. ලක්ෂ 50 ක මුදල් ආයෝජනයකට හරිතාගාරයක් තිබෙන පර්චස් 10 ක බිම් කැබැල්ලක් දී මසකට 165,000 ක මුදලක් ගෙවා වසර 5 අවසානයේ සම්පූර්ණ මුදල ලබාදෙන ව්‍යාපෘති තිබෙන බවත් එවැනි ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කර ඇති පුද්ගලයන් ඉඩමේ අයිතිය ඔවුන්ට තිබෙන බව සැකහැර දැනගත යුතු බවත් වීරසිංහ මහතා පැවැසුවේය.
වගා ව්‍යාපෘතිය ආයෝජනය කිරීමට ප්‍රථම එවැනි ආකාරයේ මුදල් ආපසු ලබාදීමක් එම ව්‍යාපෘති භාර සමාගම් සිදු කරන්නේ කෙසේදැයි දැනගත යුතු බවත් පර්චස් 10 ක වගාවකින් එවැනි විශාල ලාබයක් ලැබිය හැකිනම් තමන්ටම ඉඩමක් මිලදී ගෙන වගා කටයුතු සිදුකළ හැකි බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම බොහෝ ව්‍යාපෘති පිරමීඩ බවත් අලුත් ආයෝජකයන්ගෙන් මුදල් ලබාගෙන පැරණි ආයෝජකයන් වෙත ලබාදෙන බවත් පිරමීඩය කඩා වැටුණු විට එම ව්‍යාපෘතිද කඩා වැටෙන බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේ සිට මේ දක්වා සිදුව ඇති ප්‍රධාන වෙනස්කම් දෙකක් හේතුවෙන් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පොලී අනුපාත පහළ දැමීමට තීරණය කළ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එක් කරුණක් නම් පසුගිය මාස 18 ත් 20 ත් අතර කාලයේදී අවධමන තත්වයේ සිට ධනාත්මක උද්ධමනයක් දක්වා ගමන් කරන මාර්ගය බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමීව සිදුවීම බවත් දෙවැනි කරුණ සමස්ත විදේශීය ඉල්ලුමට භූ දේශපාලන කරුණු සහ ආනයන මත අවිනිශ්චිතතා ඇතිව තිබීම බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25 ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.25 ක් දක්වාත් පහළ දමමින් පදනම් අංක 25 එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 දක්වා පහළ දැමුණු බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම වට්ස් ඇප් හැක්කර එම ගිණුම් තිබෙන ජංගම දුරකතන අංකවලින් මුදල් ඉල්ලන වංචාවල වැඩි වීමක් තිබෙන බවත් ජනතාව එවැනි ඉල්ලීම්වලට මුදල් දැමීමට පෙර පණිවුඩය එවූ තැනැත්තාට දුරකතන ඇමතුමක්දී තහවුරු කර ගන්නවා නම් ජනතාව එවැනි වංචාවලට හසු නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආර්ථිකයට හොඳම දේ විදුලියට ඉන්ධනවලට වලට නියම මිල ගෙවීමයි