IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ආයෝජනයක් නොලැබුණොත් ඊටීඅයි ගැන තීරණයක් ගන්නවා - මහ බැංකු අධිපති

හර්ෂණ තුෂාර සිල්වා
 
ඊ.ටී.අයි සමාගම පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු ඉදිරිපත් නොවූවහොත් එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය. 

 
සිංගප්පූරුවේ සමාගමක් වන ‘බ්ලූ සමිට්’ සහ ශ්‍රී ලංකාවේ සමාගමක් වන ‘බෙන් හෝල්ඩින්ස්’ සමාගම මේ වනවිට ඊ.ටී.අයි සමාගමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක ආයෝජනයක් කර ඇති බව කී මහ බැංකු අධිපතිවරයා එම මුදලින් ඩොලර් මිලියන 43ක් සමාගමට ලැබුණු බව ද පැවැසීය. 
 
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු සඳහන් කළේය. 
 
ලැබුණු පළමු වාරික මුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 32කින් තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 10ක මුදලක් ගෙවූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.  පළමු වාරිකයේ ඩොලර් මිලියන 11ක් සමාගමේ ගිණුමට ලැබී ඇති බව ද හෙතෙම පැවැසීය.
 
අදාළ ආයෝජනයේ දෙවැනි වාරිකය ජූනි මස අග ලැබීමට නියමිතව තිබුණත් එම මුදල මෙම මස අගදී ලැබෙන බවත් එම මුදල ලැබුණු පසු තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 20ක් ගෙවීමට හැකි බවත් අධිපතිවරයා කීවේය. 
 
ඉහත කී ආයෝජනය තැන්පතු වගකීම්වලින් නිදහස් වීමට සහ වත්කම් විකිණීමට බව කී මහ බැංකු අධිපතිවරයා සමාගම පවත්වාගෙන යෑමට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් අවශ්‍ය බව කීවේය.
 
එම මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකා මහ බැංකුවට සමාගම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. 



අදහස් (4)

ආයෝජනයක් නොලැබුණොත් ඊටීඅයි ගැන තීරණයක් ගන්නවා - මහ බැංකු අධිපති

sanath Sunday, 08 July 2018 06:29 PM

මේකේ ආයෝජනය කරනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.

:       0       39

d k de silva Monday, 09 July 2018 12:01 AM

මෙම සිද්ධිය සම්බන්දයෙන් රජයේ මැදිහත් වීම හැකි ඉක්කමනින සිදුවිය යුතු අතර , තැම්පත් කරුවන්ගේ මුදල් පොලිය සමග යලි ලබාදීමට රජයේ මැදිහත් වීම අනිවාර්ය වේ. නොඑසේනම් මෙරටේ සමස්ත පෞත්ගලික බැංකු පද්දතියම කඩා වැටීමට මෙය හේතු පාදකයක් විය හැකිය . මොකද රටේ ජනතාවගේ විශ්වාසය බිද වැටී ඔවුන් සියලු පෞද්ගලික මුල්‍ය සාමාගමවල තැම්පත් කරනලද මුදල් ආපසු ගැනීමට පෙලබුනහොත් මේරටේ සමස්ත බැංකු පද්දතියම අනතුරේ ................මෙය එක බැංකුවක් වෙත නොව ......මුළු රටේම ආර්ථිකයට බලපාන ප්‍රශ්නයකි ...........

:       17       162

Esala Monday, 09 July 2018 09:24 AM

මොලයක් කියලා දෙයක් නැත්නම් ආයෝජකයින් එයි.. මේ බාගෙට ගිලිලා තියන නැවට නගින්න. ඉතුරු ටිකත් ගිලෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.

:       4       45

imesh Thursday, 12 July 2018 04:20 AM

මේකට අත දැම්මේ නැත්තන් මේක අගේට දුවනවා. වෙලාවට සල්ලි ගෙව්වා කිසිම කරදරයක් නැතුව.

:       75       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site