හර්ෂණ තුෂාර සිල්වා
ඊ.ටී.අයි සමාගම පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු ඉදිරිපත් නොවූවහොත් එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ සමාගමක් වන ‘බ්ලූ සමිට්’ සහ ශ්‍රී ලංකාවේ සමාගමක් වන ‘බෙන් හෝල්ඩින්ස්’ සමාගම මේ වනවිට ඊ.ටී.අයි සමාගමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක ආයෝජනයක් කර ඇති බව කී මහ බැංකු අධිපතිවරයා එම මුදලින් ඩොලර් මිලියන 43ක් සමාගමට ලැබුණු බව ද පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු සඳහන් කළේය.
ලැබුණු පළමු වාරික මුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 32කින් තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 10ක මුදලක් ගෙවූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. පළමු වාරිකයේ ඩොලර් මිලියන 11ක් සමාගමේ ගිණුමට ලැබී ඇති බව ද හෙතෙම පැවැසීය.
අදාළ ආයෝජනයේ දෙවැනි වාරිකය ජූනි මස අග ලැබීමට නියමිතව තිබුණත් එම මුදල මෙම මස අගදී ලැබෙන බවත් එම මුදල ලැබුණු පසු තැන්පත්කරුවන්ගේ වගකීම්වලින් සියයට 20ක් ගෙවීමට හැකි බවත් අධිපතිවරයා කීවේය.
ඉහත කී ආයෝජනය තැන්පතු වගකීම්වලින් නිදහස් වීමට සහ වත්කම් විකිණීමට බව කී මහ බැංකු අධිපතිවරයා සමාගම පවත්වාගෙන යෑමට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් අවශ්‍ය බව කීවේය.
එම මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකා මහ බැංකුවට සමාගම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ආයෝජනය කරනවා කියන්නේ සියදිවි නසාගන්නවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්දයෙන් රජයේ මැදිහත් වීම හැකි ඉක්කමනින සිදුවිය යුතු අතර , තැම්පත් කරුවන්ගේ මුදල් පොලිය සමග යලි ලබාදීමට රජයේ මැදිහත් වීම අනිවාර්ය වේ. නොඑසේනම් මෙරටේ සමස්ත පෞත්ගලික බැංකු පද්දතියම කඩා වැටීමට මෙය හේතු පාදකයක් විය හැකිය . මොකද රටේ ජනතාවගේ විශ්වාසය බිද වැටී ඔවුන් සියලු පෞද්ගලික මුල්‍ය සාමාගමවල තැම්පත් කරනලද මුදල් ආපසු ගැනීමට පෙලබුනහොත් මේරටේ සමස්ත බැංකු පද්දතියම අනතුරේ ................මෙය එක බැංකුවක් වෙත නොව ......මුළු රටේම ආර්ථිකයට බලපාන ප්‍රශ්නයකි ...........
මොලයක් කියලා දෙයක් නැත්නම් ආයෝජකයින් එයි.. මේ බාගෙට ගිලිලා තියන නැවට නගින්න. ඉතුරු ටිකත් ගිලෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.
මේකට අත දැම්මේ නැත්තන් මේක අගේට දුවනවා. වෙලාවට සල්ලි ගෙව්වා කිසිම කරදරයක් නැතුව.