ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.54ක නව ව්‍යපෘති හතරක් සඳහා ආයෝජන ගිවිසුම්වලට අත්සන් තබන ලදි.
ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූ අතර අදාළ ආයෝජන වෙනුවෙන් එම ව්‍යාපෘතිවල නියෝජිතයෝ අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.
අරිහරා ලංකා ඩ්‍රීම් , පික් පැක් පාක් , ෆැන්ටාසියා නැරෝ ෆැබ්රික්ස් සහ ඉන්ට්ෆාම් යන පෞද්ගලික සමාගම් සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එලෙස ආයෝජන ගිවිසුම් එළැඹුණි.
අරිහරා පෞද්ගලික සමාගම සමඟ අත්සන් කරන ලද ආයෝජන ගිවිසුම යටතේ දඹුල්ල ප්‍රදේශයේ කාමර 36කින් යුත් තරු හතරේ හෝටලයක් ඉදි කිරීමට නියමිත අතර ජපන ව්‍යාපෘතියක් වන එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.85කි. එමඟින් සෘජු රැකියා අවස්ථා 80ක් ජනිත වනු ඇතැයි ද පැවසේ.
මෙම ආයෝජන ව්‍යාපෘති මගින් බිහි කිරීමට අපේක්ෂිත සම්පූර්ණ සෘජු රැකියා අවස්ථා ගණන 642කි.
(055)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4 කට ගිවිසුම් අත්සන් කරයි