IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආබාධ සහිත පුද්ගලයන්ට ඇඟලු‍ම් නිෂ්පාදනයට අදාළ නව විෂය නිර්දේශයක්

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වෘත්තීය පුහුණු අධිකාරිය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයන්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහභාගීත්වයෙන් එන්.එච් කලෙක්ෂන් හි පැවති වැඩමුළුවක දී ආබාධිත පුද්ගලයන් සඳහා ඇඟලු‍ම් නිෂ්පාදනයට අදාළ නව විශය නිර්දේශයක් හඳුන්වා දුන්නේය.
Inclusive Threads ලෙස හැඳින්වෙන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණු ආයතනවල ක්‍රියාත්මක කෙරෙන ඇඟලු‍ම් විෂය නිර්දේශය මෙරට ආබාධ සහිත පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා වන සන්ධිස්ථානයක් වන අතර මෙම වැඩමුළුව සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනුග්‍රහය දක්වන ලදි. මීට ඉහතදී භාවිත කළ විෂය නිර්දේශය සඳහා වෙනස්කම් රැසක් මෙවර ඉදිරිපත් කරන ලද විෂය නිර්දේශයෙහි දක්නට ලැබෙන නිපුණතා සංවර්ධන සඳහා මෙහිදී අවධානය යොමු කළ අතර ආයතනික මහන මැෂින් ක්‍රියාකරවන්නියන් (ISMO) ඉලක්ක කරමින් පැවැත්වෙන ආයතනික පුහුණුව වඩාත් ප්‍රායෝගික සහ ආයතන තුළ ලබා දෙන පුහුණු අවස්ථාවලින් සමන්විතය. මෙම අවස්ථාව මෙරට ඉහළම විදේශ විනිමය ලබා දෙන අපනයන ක්ෂේත්‍රය වෙත ලබා දුන් අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. 
මෙම වැඩමුළු‍වෙහි පිළිගැනීමේ කථාව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න විසින් සිදු කළ අතර ඇයගේ පිළිගැනීමේ කථාව තුළ සංවෘත්ත විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන සඳහන් කළාය. “කුසලතා සහිත පුහුණුව නව අවස්ථා අපට ලබා දෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ට ඇඟලු‍ම් ක්ෂේත්‍රයට ඇතුළු වීම පහසු කරවන පාඨමාලාවලින් ඔවුන්ගේ ජීවිත පරීවර්තනීය මාර්ගයකට ගෙනයමින් තිරසාර ජීවන තත්වයකට මග විවර වෙනවා” යනුවෙන් පැවසුවාය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නියෝජිත ඉන්දික ලියනහේවගේ මහතා මෙම ක්ෂේත්‍රය සඳහා ඇඟලු‍ම් කර්මාන්තයේ දායකත්වය ලබා දියයුත්තේ ඇයිද යන්න පිළිබඳව අවධාරණ කළේය.
මෙම නව විෂය නිර්දේශය සකස් කිරීමේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් විශේෂ තාක්ෂණික උපදෙස් හා සහාය ලබා දෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. ජාත්‍යන්තර කම්කරු සංවිධානය නියෝජනය කරමින් එහි බාහිර විශේෂඥවරියක වන මනෝජා පොල්වත්ත මහත්මිය මෙම වැඩමුළුවට සහභාගී වූවාය- ඇය සිය ඉදිරිපත් කිරීමේදී ආයතනික මහන මැෂින් ක්‍රියාකරවන්නියන් (ISMO) සඳහා පැවැත්වෙන ආයතනික පුහුණුවට සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව පැහැදිලි කළාය. මෙයට ආබාධ සහිත පුද්ගලයන් ඇතුළුව සියලුම හැකියාව සඳහා ඉගැන්වීමේ ක්‍රම, ආබාධ සහිත ඉගෙන ගන්නන් සඳහා සුදුසු නව උපකරණ සහ සිසුන්ගේ ප්‍රගතියට උපකාර කිරීම සඳහා ව්‍යුහගත ඉගෙනුම් මාර්ග ඇතුළත් විය.



අදහස් (0)

ආබාධ සහිත පුද්ගලයන්ට ඇඟලු‍ම් නිෂ්පාදනයට අදාළ නව විෂය නිර්දේශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site