IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ආනයනික මත්පැන් වලට නව බදු පැනවීමක්

ආනයනය කරන විදේශීය මත්පැන් සඳහා නව බදු පැනවීමක් සිදු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදු පැනවීම සිදු කර ඇත්තේ ආනයනික විදේශීය මධ්‍යසාර වල ලාභ ප්‍රතිශතය පදනම් කරගෙනයි.

ධාන්‍ය වර්ග වලින්  නිපදවන විදේශිය මත්පැන් ලීටරයක් සඳහා  රුපියල් 50 කින් ද වයින් ලීටරයක් සඳහා රුපියල් 100 කින් ද අනෙකුත්  ආනයනික මත්පැන් වර්ගවල ලීටරයක මිල රුපියල්  200 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම බදු පැනවීම ලාභ ප්‍රතිශතය මත පදනම්ව සිදු වන නිසා වෙළඳපොළ තුළ මිල වැඩීවිමක් නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

ආනයනික මත්පැන් වලට නව බදු පැනවීමක්

ද සිල්වා බර්ලින් Wednesday, 02 November 2016 08:14 PM

මත්පැන් මිල වැඩි කරන්න. එතකොට දේශපාලකයන්ට අතවැසිකම් කරන කසිප්පු මුදලාලිලාට හොඳ කලක් යාවි. බොරුවට බදු වැඩි කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳේ. මත්පැන් ඕනෑ නැත්තම් ලංකාවේ තහනම් කරන්න. ලෝකයේ මත්පැන් තහනම් රටවල් තිබෙනවා (නි)

:       0       0

රසික Wednesday, 02 November 2016 07:13 AM

ඉන්දිකගේ අදහස සම්පුර්ණ ඇත්ත. මත්පැන් මිල වැඩිවීම බලපාන්නේ ගෙදර ඉන්න බිරිඳට සහ දරුවන්ට. මත්පැන් සහ සිගරට් මිල අඩුත් නැති වැඩිත් නැති ගානකට තබා ගත යුතුයි. (බ)

:       0       0

කුමාරි Monday, 31 October 2016 01:32 PM

තව වැඩි කරත් කමක් නෑ.(හේ)

:       0       0

ඉසංක Monday, 31 October 2016 01:31 PM

කොච්චර වැඩි කරත් බොන වුන් බොනවා.(හේ)

:       0       0

ධම්ම Monday, 31 October 2016 01:33 PM

බොන අය හවසට ගාන කීය උනත් බෝතලේ ගන්නවා (හේ)

:       0       0

ඉනූෂ Monday, 31 October 2016 01:35 PM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

විකුම් Monday, 31 October 2016 01:34 PM

සිගරට් මිලත් වැඩි කරානම් තවත් හොඳයි.(හේ)

:       0       0

ඩලස් Monday, 31 October 2016 01:34 PM

කොච්චර වැඩි කරත් බොන එකා බොනවා.(හේ)

:       0       0

ධම්ම Monday, 31 October 2016 01:34 PM

ඒකනම් හොඳයි.(හේ)

:       0       0

ධම්ම Monday, 31 October 2016 01:34 PM

මත්පැන් බදු දෙගුණ කරන්න. (හේ)

:       0       0

ඉමාක් Tuesday, 01 November 2016 06:55 AM

කොච්චර මිල වැඩිවුණත් අපේ මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැනේ (නි)

:       0       0

ධම්ම Monday, 31 October 2016 01:34 PM

මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (හේ)

:       0       0

ඉන්දික ගල්ගොඩගේ Tuesday, 01 November 2016 06:56 AM

මත්පැන් මිල කොතරම් වැඩිවුණත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩුවක් සිදුවන්නේ නැත. අඩුවන්නේ ගෙදරට හවසට ගෙනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩාවීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩුවීම හා අඩදබර වැඩිවීම පමණි සිද්ධවන්නේ. නැත්නම් මිල අඩු, විෂ වැඩි හොර සුරා පානයට යොමුවන්නන් වැඩිවී සෞඛ්‍ය ගැටළු වැඩිවීමි සිදුවී රජයේ වියදම් වැඩිවීමි සිද්ධවේවි (නි)

:       0       0

ධම්ම Monday, 31 October 2016 01:35 PM

මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (බ)

:       0       0

ඉන්දික ගල්ගොඩගේ Tuesday, 01 November 2016 06:58 AM

මත්පැන් මිල කොතරම් වැඩිවුනත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩු වක් සිදු වන්නේ නැත. අඩු වන්නේ ගෙදරට හවසට ගනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩා වීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩු වීම හා අඩදබර වැඩි වීම පමණි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site