ආනයනය කරන විදේශීය මත්පැන් සඳහා නව බදු පැනවීමක් සිදු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
බදු පැනවීම සිදු කර ඇත්තේ ආනයනික විදේශීය මධ්‍යසාර වල ලාභ ප්‍රතිශතය පදනම් කරගෙනයි.
ධාන්‍ය වර්ග වලින් නිපදවන විදේශිය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 50 කින් ද වයින් ලීටරයක් සඳහා රුපියල් 100 කින් ද අනෙකුත් ආනයනික මත්පැන් වර්ගවල ලීටරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම බදු පැනවීම ලාභ ප්‍රතිශතය මත පදනම්ව සිදු වන නිසා වෙළඳපොළ තුළ මිල වැඩීවිමක් නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වැඩි කරත් කමක් නෑ.(හේ)
කොච්චර වැඩි කරත් බොන වුන් බොනවා.(හේ)
බොන අය හවසට ගාන කීය උනත් බෝතලේ ගන්නවා (හේ)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
සිගරට් මිලත් වැඩි කරානම් තවත් හොඳයි.(හේ)
කොච්චර වැඩි කරත් බොන එකා බොනවා.(හේ)
ඒකනම් හොඳයි.(හේ)
මත්පැන් බදු දෙගුණ කරන්න. (හේ)
මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (හේ)
මත්පැන් බදු දෙගුණ කරන්න. එය කෙලින්ම පාරිභෝගිකයාගෙන් අයකරගන්න. බොන අය හවසට ගාන කීය වුනත් බෝතලේ ගන්නවා ඒත් උදේට බොන තැඹිලි ගෙඩියට කේවල් කරනවා. ඒ නිසා තැඹිලි වලටත් බද්දක් අයකරන්න. (බ)
කොච්චර මිල වැඩිවුණත් අපේ මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැනේ (නි)
මත්පැන් මිල කොතරම් වැඩිවුණත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩුවක් සිදුවන්නේ නැත. අඩුවන්නේ ගෙදරට හවසට ගෙනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩාවීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩුවීම හා අඩදබර වැඩිවීම පමණි සිද්ධවන්නේ. නැත්නම් මිල අඩු, විෂ වැඩි හොර සුරා පානයට යොමුවන්නන් වැඩිවී සෞඛ්‍ය ගැටළු වැඩිවීමි සිදුවී රජයේ වියදම් වැඩිවීමි සිද්ධවේවි (නි)
මත්පැන් මිල කොතරම් වැඩිවුනත් බොන පුද්ගලයන්ගේ පරිභෝජනයේ අඩු වක් සිදු වන්නේ නැත. අඩු වන්නේ ගෙදරට හවසට ගනියන බඩු මල්ලේ ප්‍රමාණය කුඩා වීම පමණි. අවසානයේ ගෙදර පෝෂණ මට්ටම අඩු වීම හා අඩදබර වැඩි වීම පමණි (බ)
ඉන්දිකගේ අදහස සම්පුර්ණ ඇත්ත. මත්පැන් මිල වැඩිවීම බලපාන්නේ ගෙදර ඉන්න බිරිඳට සහ දරුවන්ට. මත්පැන් සහ සිගරට් මිල අඩුත් නැති වැඩිත් නැති ගානකට තබා ගත යුතුයි. (බ)
මත්පැන් මිල වැඩි කරන්න. එතකොට දේශපාලකයන්ට අතවැසිකම් කරන කසිප්පු මුදලාලිලාට හොඳ කලක් යාවි. බොරුවට බදු වැඩි කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳේ. මත්පැන් ඕනෑ නැත්තම් ලංකාවේ තහනම් කරන්න. ලෝකයේ මත්පැන් තහනම් රටවල් තිබෙනවා (නි)