භානුක අමරසිංහ
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අයත් ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගමේ නව සභාපතිනිය ලෙස ආචාර්ය රාණි ජයමහ මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂවරියක සහ සභාපතිනිය ලෙස පත් කර ගෙන තිබේ.
මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය 2013 වසරේ සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ. වසර 50කට අධික කාලයක් ආර්ථික, බැංකුකරණ, මූල්‍ය, නියාමන සහ පරිපාලන අංශයන්හි අත්දැකීම් සහිත ජයමහ මහත්මිය 2020 - 2023 කාලසීමාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකාවක ලෙස කටයුතු කළාය. එසේම ඊට පෙර ඇය හැටන් නැෂනල් බැංකුවේ මෙන්ම HNB ඇෂුවරන්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආචාර්ය රාණි ජයමහ ඕවර්සීස් රියැලිටි සභාපති ධුරයට