IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්‍රිෂාන්ත කුලරත්න, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්‍රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි හේවාවසම්, තරිඳු නිරෝෂන්, ෂෙහාන් අමරසූරිය සහ අලෙවි නියෝජිතවරුන් වන පූර්ණ අතාවුද, අශාන් මදුශංක එම පිරිස අතර වේ. 

ඔවුන් අගෝස්තු 2 සිට 6 දක්වා තායිලන්තයේ  සංචාරයේ යෙදුණු අතර මෙය බීම් හෙළ ඔසු ලංකා සමාගම සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්ය සාධනය ඇගැයීම වෙනුවෙන් විදේශ සංචාර පිරිනැමූ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. ඉදිරියේදීද අලෙවි ඉලක්ක සපුරන සාමාජිකයන් දිරිගැන්වීමට මෙවැනි වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

1984දී ඇරැඹූ බීම් හෙළ ඔසු ලංකා සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ශාකසාර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ළමයින් සඳහා වන ජීවා පැණිය සහ කප්පරවල්ලිය පැණිය, බීම් සුව ධරණී සහ ශාකසාර තේ, බීම් බාම්, ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් සහ සුවෝදා පේයාව බීම් නිෂ්පාදන අතර ප්‍රධාන වේ. දිවයින පුරා බටහිර සහ ආයුර්වේද ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසැල්වලින් මෙම නිෂ්පාදන මිල දී ගත හැකිය. ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන බීම් හෙළ ඔසු ලංකා සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින් සිය නිෂ්පාදනවල ඇති ස්වාභාවික ඖෂධීය වටිනාකම තහවුරු කරයි. 



අදහස් (0)

අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site