පසුගිය නොවැම්බර් 5 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති යෝජනාවලිය මත පදනම්ව 2016 අයවැය සකස් කර ඇතැයිද ඔවුන්ගේ බලාපොරොත්තුව 2020 වනවිට ආයෝජකයන්ට අඩු බදු රාජ්‍යයක් බවට මෙරට පත් කිරීම බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පැවසීය.
රජය ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති යෝජනා පිළිබඳ ‘ජනතාවාදී අයවැයක් සඳහා ක්‍රියාකාරී එකතුව‘ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.
මෙය අප රටේ ඇතිකළ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් බවද ගොවි, ධීවර, කම්කරු හා කාන්තා ඇතුළු ක්ෂේත්‍රයන්වලට මේ අයවැයෙන් සහනයක් ලැබේවි යැයි බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය. එසේ සහන නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ උගතුන් පෙන්වා දෙන්නේ, රටේ මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය 60%කින් ආහාර මිල පහත හෙළීම, රජයේ අංක 1 කාර්යය වියයුතු බවයි. (නි)
බොහෝ උගතුන් පෙන්වා දෙන්නේ, රටේ මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය 60% කින් ආහාර මිල පහත හෙලීම, රජයේ අංක 1 කාර්ය විය යුතු බවයි. (ම)
මෙයත් රාජපක්ෂ කෙනෙක් හිටපු සහෝදර සමාගමේ කෙනෙක්ද? (බ)
දකුණු ඉන්දියාවේ පරිප්පු කිලෝ එකක් ලංකාවේ මිලෙන් 1/4 යි. අල කිලෝ එකක් 1/6 යි. ලුණු කිලෝ එකක් 1/6 ට ආසන්න ගාණක්. මොනවා කරන්නත් කාල ඉන්න ඕනෙනේ. (බ)
ළමා මන්දපෝෂණය අඩුකරනවා වගේම පිළිකාකාරක ගෙන්වීම නැවැත්වීමත් කළයුතුයි. නමුත් ඔය එකක්වත් කෙරෙන පාටක් නම් අපිට පෙනෙන්න නැහැ. (නි)
ලෝකෙටම ණය වෙලා හරි ආණ්ඩුවෙන් හැමදෙයක්ම නොමිලයේ බලපොරෝතුවෙන් ඉන්නා , කම්බා හොරුන් මිනීමරුවන් ස්ත්‍රී දුෂකයන් කුඩු එතනෝල් ගෙන්වන්නන් පත්කළ අපේ බුද්ධිමත් අම්බරු ජනතාවට තණකොළ මිටියක් සහ පුන්නකු කිලෝවක් සතිපතා බෙදන්න යහපාලන ආණ්ඩුවට හැකිවේවා. (ස)
ලෝකෙටම ණය වෙලා හරි ආණ්ඩුවෙන් හැමදෙයක්ම නොමිලයේ බලපොරෝතුවෙන් ඉන්නා , කම්බා හොරුන් මිනීමරුවන් ස්ත්‍රී දුෂකයන් කුඩු එතනෝල් ගෙන්වන්නන් පත්කළ අපේ බුද්ධිමත් අම්බරු ජනතාවට තණකොළ මිටියක් සහ පුන්නකු කිලෝවක් සතිපතා බෙදන්න යහපාලන ආණ්ඩුවට හැකිවේවා. (බ)