IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ජමර්නියේ Schwing Stetter සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Schwing Stetter India Pvt Ltd හි නිෂ්පාදනයක් වන Self Loading Mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත්කර ඇත.

කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88ක ඉතිහාසයක් ඇති ජමර්නියේ Schwing Stetter සමාගමේ අනුබද්ධිත Schwing Stetter India Pvt Ltd ඉන්දියාවේ චෙන්නායිහි පිහිටා තිබේ. ලොව පුරා රටවල් රැසක කර්මාන්තශාලා පිහිටා තිබෙන ජර්මනියේ Schwing Stetter ආයතනයේ ඉන්දියාවේ චෙන්නායිහි ඇති කර්මාන්තශාලාව මගින් ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් 27කට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරයි. මෙම කර්මාන්තශාලාව මගින් Batching Plant, Truk mixer, Boom Pum etc. නිෂ්පාදනය කර බෙදාහරී.

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටා ඇති Schwing Stetter India Pvt Ltd කර්මාන්තශාලා 5කින් සමන්විතය. මෙම කර්මාන්තශාලා තුළ කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන රැසක් සිදු කෙරේ. Self Loading Mixer යන්ත්‍ර 450ක් පමණ මසකට මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.

මේ පිළිබඳවSchwing Stetter India Pvt Ltd හි ශ්‍රී ලංකාවේ ජාතික අලෙවි කළමනාකරු කසුන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ වාහන ක්‍ෂේත්‍රයේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදෙන ආයතනයක් ලෙස අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම හඳුන්වන්න පුළුවන්. එමෙන්ම අප සමාගමත් අලෙවියෙන් පසු ඉහළ සේවාවක් පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරනවා. අප ආයතන දෙකෙහිම පරමාර්ථය එක සමාන බැවින් අපගේ Self Loading Mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම පත් කිරීමට කටයුතු කරනු ලැබුවා.”

ELS කන්ස්ට්‍රක්ෂන්, NEM පෞද්ගලික සමාගම, ටෝකියෝ සුපර් මික්ස් සමාගම වැනි ආයතන Schwing Stetter හි නිෂ්පාදන භාවිත කරනු ලබයි. එමෙන්ම අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් අලෙවි කළ Self Loading Mixer යන්ත්‍රය ශ්‍රී රාම් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් පසුගියදා මිලදී ගනු ලැබීය. Self Loading Mixer යන්ත්‍රය ලොකු කුඩා ඕනෑම මාර්ගයක ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අතර අවම ප්‍රවාහන වියදමක් මගින් ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ රථ වාහන වෙළෙඳෙපොළ තුළ ඉතා කෙටි කාලයකදී දිගු ගමනක් පැමිණි ව්‍යාපාර සමූහයක් ලෙස හැඳින්විය හැකියි. අයිඩියල් සමූහයේ සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා සහ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත දේශීය ආර්ථිකය නගාසිටුවීමට සහ දේශීය පාරිභෝගිකයාගේ සෞභාග්‍ය පිළිබඳව ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කිරීම මත මෙතරම් කෙටි කලක් තුළ මෙම සාර්ථකත්වයට ළඟාවීමට හැකිවූ බව අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානි ඩිල්ශාන් තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානි ඩිල්ෂාන් තෙන්නකෝන් මහතා විසින් ශ්‍රී රාම් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධිපති කදිරේසන් රයින් ශ්‍රී රාම් මහතා වෙත Self Loading Mixer යන්ත්‍රයේ හිමිකාරිත්වය ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (0)

අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1490 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1650 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site