
භානුක අමරසිංහ
ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන ආකාරයට, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේදී පැවැති දර්ශකාංක 41.4 සිට 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7 ක් දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි.
මැයි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැති උත්සව සමය හේතුවෙන් මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු සඳහන් කර තිබේ.
එහිදී මැයි මාසය තුළ, විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙන අතර, එය නව ඇණවුම් දර්ශකය 48.6 සිට 56.9 ක් දක්වා ඉහළ යෑමට හේතු විය. සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල වැඩිවීමට සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ද මැයි මාසයේදී දර්ශකාංක 56.9 ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර, මැයි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය 45.7 ක් දක්වා අඩු වේගයකින් පහත වැටුණි. තවද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අප්‍රේල් මාසයේ පැවැති 52.9 සිට 45.8 ක් දක්වා මැයි මාසය තුළ දී පහත වැටී තිබේ. “නව ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂා ඉහළ යෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතී,” මහ බැංකුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප්‍රේල් මාසයේදී මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේදී ඉහළට