අපනයනකරුවන්ට සිය ආදායම් සීමාවකින් තොරව විදේශයන්හි රඳවා ගැනීම සදහා පැවති අවසරය වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
අපනයනකරුවන්ට සිය ආදායාම් විදේශයන්හි රදවා ගැනීමට 1993 වසරේ මාර්තු 26 වැනිදා නිකුත් කළ අංක 759 / 15 ගැසට් පත්‍රයෙන් අවසර ලබාදී තිබිණි.
මේ වසරේ මැයි පළමුවැනිදාට පෙර අදාළ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස මුදල් අමාත්‍යාංශය නියෝග කර ඇති අතර ඉදිරියේදී අපනයන ආදායම් දින 90 ක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම අත්‍යාවශ්‍ය කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙරට විදේශ විනිමය සංචිත හීන වීම සහ රුපියලේ අගය තවදුරටත් පහත වැටීම වැළැක්වීම සදහා විදේශ විනිමය මෙරටට රැගෙන ඒමට මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති අතර රුපියලේ අගය පසුගිය සිකුරාදා වනවිට සටහන්වූයේ ඇමරිකානු ඩොලරයකට රුපියල් 145 ක් ලෙසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් රටක්ද? හිරගෙයක්ද? අපායක්ද? (නි)
විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා .ඉතින් එහෙම කරලත් හම්බ කරන සල්ලි පිටරට ගිණුම්වල තියන් ඉන්නවා නම් මුදල් විශුද්ධිකරණයට පවා යොමු වෙන්න පුළුවන්. (ර)
විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා. (ම)
අපමණ අගයක් රුපියලට, ඉදිරියේදී මොනව අපනයනය කලත් මාස 3 ක් ඇතුලත අපනයනය කල ද්‍රව්‍ය වල ඉන්වොයිස් වටිනාකමට මුදල් ශ්‍රී ලංකාවේ තම ගිණුමට ලැබුණ බව බැංකුව මගින් සනාථ කල යුතු වෙනවා. (ම)