IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අපනයන සැකසුම් කලාපයන්හි යටිතල පහසුකම් වෙනුවෙන් මිලියන 22ක්

( තිළිණි ද සිල්වා )
 
අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 

ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබෙන අතර එම මුදල් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 628,264 ක් ද , පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400,551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 1,258,862 ක් ලෙස වෙන් කෙරෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
 
 මේ වසරේ දී ආයෝජන මණ්ඩලයෙන් සිදු කෙරෙන ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ සීතාවක ආයෝජන කලාපයේ පොදු අප ජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීම වන අතර  ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 564ක් යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
 
 තවද හොරණ අපනයන සැකසුම් කලාපයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් , අපජල පවිත්‍රාගාරය බලශක්ති ඉතිරිකිරීමේ ආලෝකකරණ පද්ධති භාවිතා කරමින් ආලෝක පද්ධති නවීකරණය, ඉඩම් සංවර්ධනය හා මාර්ග ආශ්‍රිත වැටවල් ප්‍රතිසංස්කරණය, ජල සැපයුම් වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දේ.
 

මීට අමතරව කටුනායක, බියගම, අත්තනගල්ල, මල්වත්ත, වතුපිටිවල, මීරිගම වැනි අපනයන සැකසුම් කලාප වලද මාර්ග සංවර්ධනය, විදී ලාම්පු සවි කිරීම, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
 
මේවන විට  දිවයින පුරා ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාප සංඛ්‍යාව 15 ක් වන අතර කටුනායක, බියගම, කොග්ගල, නුවර, මීරිගම, මල්වත්ත, සීතාවක, මිරිජ්ජවිල, වතුපිටිවල, හොරණ, පොල්ගහවෙල, මාවතගම, වගවත්ත, වගවත්ත 2 හා බිංගිරිය එම අපනයන සැකසුම් කලාප වේ.
 
 මෙම අපනයන සැකසුම් කලාප වල කර්මාන්තශාලා 273 ක් පිහිටා ඇති අතර 137,478 ක් සේවය කරති.



අදහස් (2)

අපනයන සැකසුම් කලාපයන්හි යටිතල පහසුකම් වෙනුවෙන් මිලියන 22ක්

Sugath Friday, 21 February 2020 09:56 AM

22න් කීයක් හොරකම් කර ගනියිද?

:       0       52

Chathuri Sunday, 23 February 2020 03:24 PM

කවුද මේවා හොයලා බලන්නේ...? මුදල් වලට කරන දේවල් දැන ගන්නම ඕනෑ..

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site