IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අපනයන ක්ෂේත්‍රය බදුවලින් නිදහස් විය යුතුයි - ජනපති

හර්ෂණ තුෂාර සිල්වා

අපනයන ක්ෂේත්‍රය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුය යන්න තමාගේ අදහස යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය

ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් තීන්දු තීරණ අපනයන කර්මාන්තය දුර්වල කිරීමට හේතු වී ඇතැයි ද කීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 22 වැනි ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

      “රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව සඳහන් කළ යුතුයි. ගත වූ අවුරුදු තුනත් හතරත් අතර කාලයේදී අපනයන ක්ෂේත්‍රය 2015 වසරේ තිබුණාට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට ගොස් තිබෙනවා.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්ම ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය බව අපි දන්නවා. ජාතික ආර්ථික ප්‍රතිපත්ති තීරණ අපනයන දිරි ගැන්වීමට හේතුවෙනවා වගේම අපනයන කර්මාන්තය දුර්වල වීමට ද හේතුවන බව කිව යුතුයි. ඇතැම් ආර්ථික න්‍යාය අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට හරස් වී තිබෙනවා.

අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීමට නම් අපනයනකරුවන්, අපනයන ක්ෂේත්‍රය, අපනයන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් විය යුතුයි යන්න මගේ අදහසයි

ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. පවතින බාධා ඉවත් කළ යුතුයි. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් අපනයන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා අපි දැනටමත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඇතැම් දේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා.

අපනයන ක්ෂේත්‍රයට තිබෙන බාධා ඉවත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද අපි සාකච්ඡා කරමින් ඉන්නවා” යැයි ජනාධිපතිවරයා තවදුරටත් කීය.

055

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (3)

අපනයන ක්ෂේත්‍රය බදුවලින් නිදහස් විය යුතුයි - ජනපති

Perakum Wednesday, 19 September 2018 03:58 PM

අය වැය එනතෙක් සිටීමට අවශ්‍ය ඇයි...? මෙවැනි දේ ජනාධිපති බලතල යොදවා වහාම කළයුතුව තිබුණි.

:       0       0

ඉ.ටී. Wednesday, 19 September 2018 04:07 PM

දැන්ද තේරුණේ? දැන් රබර්, තේ වැවීම අපි අතඇරියා අක්කර 50ක, ඔයාගේ ගලයිපොසේට් භීතිය නිසා. ඔයාම තමයි වල කැපුවේ... කුඩා වැවිලිකරුවන් වන අප ඉඩම් විකුණලා මුදල් ආයෝජනය කළොත් බඩගෝස්තරය රැකගන්න පුළුවන්. පරිසරය වැදගත්, නමුත් ඇමෙරිකාව, චීනය, ඉන්දියාව පරිසරයට පළමු තැන නොවෙයි දෙවෙනි තැන දීලා තියෙන්නේ... පළමුව ජීවත්වෙන්න ඕනෑ නිසා. කටුපොල් වැඩෙත් ඔයා කනවා නේද? සමහරුගේ බොරු අහලා. කටු පොල් රබර් ඉඩම්වලට ආදේශයක්... ලාභයක් ලබාගන්න පුළුවන්.. රබර් දැන් මිලට ලාබදායක නෑ. අතින් කයිට්... මේවා තේරෙන්නේ නැති ඔබට රට පාලනය කරන්න පුළුවන්ද? කටු පොල්වල ජලය භාවිතය රබර්වලට සමානයි. පුළුවන්නම් කටුපොල්වලටත් ඔයාගෙ උදැල්ල දාන්න. එතකොට ඔක්කොම අපනයන ඉහල යාවි. කිසිම සහනයක් නැහැ අපනයන වගාවලට. රකෂණයක් නැහැ. කම්කරු නීති තද මදි... ඵලදායිතාව අති දුර්වලයි. තව ඔහොම කටින් බතල හිටුවන්න. ඔයාගේ අගමැති අපනයන බෝගවලට පයින් ගහලා ආයෝජන ගැන සිහින දැක්කා. දැනුයි එයාටත් වැවිලි කමාන්තයට ආදරය වෙලා තියෙන්නේ.... අතේ ඉන්න කුරුල්ලා අත්තෙ ඉන්න දෙන්නට වඩා වටිනවා කියන්නේ කට කහනවටයැ... මෝඩකම ඉහවහා ගිහිල්ලා. කෑෂ් කව් තමයි අපනයන බෝග... ඒවාට ආධාර දෙන ගමන් ආයෝජන හදාගන්න

:       0       0

Kumar Thursday, 20 September 2018 04:57 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site