(හර්ෂණ තුෂාර සිල්වා)
රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය.
රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛත්වයක් බව කී අග්‍රාමාත්‍යවරයා ඊට අමතරව ජනතාවට අධ්‍යාපන හා නිවාස ආදී මූලික පොදු සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කරන බව ද කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පළමු ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.
රටේ මූලික පොදු සේවා ඔස්සේ ජනතාවට පහසුකම් සැලසීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වත්මන් ආණ්ඩුව කවදාටත් නොදුටු ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව ද කීය.
“අපි ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව නැවත නැවත කිව යුතුයි. රටේ ජනතාවට සෑම විටම ප්‍රතිලාභ ලබා දීම අපේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ යුතුයි. රටේ ජනතාවට පහසුකම් සැලසීම සහ ප්‍රතිලාභ සැලසීම අපි අඛණ්ඩව සිදු කරනවා. ශ්‍රී ලංකාව සියලු දෙනාට ඉතා හොඳ ජාතිකයක් බවට පත් කිරීම සඳහා අපි ශක්තිමත් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා ඇප කැප වී කටයුතු කරනවා. රටේ සියලු ජනතාවට යහපත් ජාතිකයක් ශක්තිමත් රටක් බිහි වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ කියකියා ඉන්න. වැරදිලාවත් හොඳ වුණොත් අපේ වැඩ...
ශක්තිමත් ආර්ථිකයක් රටට කෙසේවෙතත් ඇමති, මන්ත්‍රීවරුන්ට නම් හැදේවි.
මිස්ටර් ක්ලීන්, ශක්තිය වැඩි කමට මහා බැංකුවත් සුද්ද කරා...
කියපු කතාවේ කිසිම වරදක් නැහැ "අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි". මේ කියන්නේ අගමැති, ඇමතිවරු ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා කියලනේ. නොඑසේ නම් තවදුරටත් හොරකම නොකඩවා කරගෙන යනවා කියලනේ.
ඔව් ඔව්.... ආර්ථිකේ ශක්තිමත් වැඩි කමට .. පොල්...120. ඩොලර් එක 155...
මිනිසුන්ට මේ තරම් බර පටවන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිසාද? මහ බැංකුව කොල්ල කාලද ආර්ථීකය ශක්තිමත් වෙලා තියෙන්නේ? මේ තරම් බදු පටවන්නේ ශක්තිමත් ආර්ථීකයක් නිසාද? මොනවද මේ මොන්ගල් කථා?
බොන්ඩ් එකෙනුත් කවුරු කවුරු ගිය හැටි අපි දන්නවා දැන්. ඡන්දෙට කලිනුත් ඔහොම කිව්වා. නමුත් දැන් නම් මේවා අපි අහන්නවත් කැමති නැහැ. ඡන්දෙ නම් දුන්නා තමා. නමුත් ඒ ගැන අද දුක්වෙනවා.
ජනතාව හැටියට අපිට මේවා බල නොපෑවත් එක කට්ටියක් නම් ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත අපිට දැන් මතක් වෙනවා.
වසර 2050 වෙද්දී ලෝකයේ ආර්ථික බලවතා වෙන්නේ චීනය . ඉන්දියාව තුන් වැනි තැනට පත්වෙනවා කොට්න්ම කියනවනම් බංගලාදේශය දේශයත් පලවෙනි 10 දෙනා අතරට එනවා . මේ එක රටක් වත් තමුන්ගේ රටේ තියන දේවල් විකුණන් කන්නේ නෑ.
අනිවාර්යෙන්ම ඔබතුමන්ලා ශක්තිමත් ආර්ථිකයක් ලඟා කරගෙන. සිරිකොතේ බදු ගෙවා ගන්න බැරුව හිටි අය දැන් බැඳුම්කරෙන්, කිරෙන්, පැණියෙන් අත හෝදන්නේ. පොඩි කාර් එකක් ගන්න හිටපු උන්ට, දෙවේල කාල තුන්වේල කන්න හිටපු උන්ට නම් බඩුම තමා.
මේ අගමැකි නං දොඩෝනවා . මිනිස්සුන්ට ජීවිත් වෙන්න බැරිව ඉන්නවා. මේ අය මිනිස්සුන්ව විහිලුවට අරගෙනද කොහෙද?
බොරුව උනත් දිගටම කියවනකොට මිනිසුන් හිතනවා ඇත්ත කියල එකයි මේ උත්සාහය
පිරිත් උනත් කියන්න කියන්න ගුණ ලැබෙනවනේ. ඒවගේ නැවත නැවත කියනකොටවත් ඔය කියන ශක්තිමත් ආර්ථිකයට යයිද බලමුකෝ.
මෙතන කියලා තියෙන්නේ 'අපි' මිසක් 'රට' කියල නෙමෙයිනේ. ඒ කියන්නේ පාලකයෝ ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා.
මේ පුවත හෙඩ් ලයින් එකෙන් නැවැත්තුවනම් කතාව සහතික ඇත්ත ..
"රටේ ජනතාවට (අ) පහසුකම් සහ සැලසීම...." ආණ්ඩුවේ ප්‍රමුකත්වයක් බව කිව්වත් ආණ්ඩුවේ අනෙක් කොටස්කාර පාර්ශවය මේ කියන උප්පරවැටි වලට සම්බන්ධ නැහැ. ජනතාව හැටියට අපටත් කියන්න තියෙන්නේ ආර්ථික බෙලහීන කම නමැති අතීසාරයට ඕගොල්ලෝ මුසාවාද නමැති අමුඩය නැවත නැවතත් ගසමින් ඉන්නවා කියල.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි...
ඔබතුමා ඇතුළු රෝයල් කල්ලිය ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටියි. බැඳුම්කර වංචාවෙන් බිලියන 59 කොල්ලයෙන් ගමන වේගවත් වුණා.
මහ බැංකුව තියනකම් අපි ශක්තිමත් නේද?
රුපියල බාල්දුවෙලා තියන හැටියට හොඳට පේනවා. ශක්තිමත්බව කෙසේවෙතත්, ආර්ථිකය ඉක්මනින්ම වලපල්ලට ගිහින් තියෙනබව. රටේ ණයබර මේ කාලයේදී හොඳට ශක්තිමත් වෙලා තියෙනවා. රනිල්, සිහි විකල් වෙලා වගේ කතා කියනවා.
රටේ කෙසේ වෙතත් බැංකුව බින්ඳ අයගෙ නං ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන බව නං පේනවා
මට නම් පේන්නේ එළාර රනිල් නමින් ඉපදී ඇති බවයි.. යන්නෙත් නෑ... බෙදාගත්තට කන්නත් බෑ.. බාරගත්තට කරන්න දන්නෙත් නෑ... උනන්දුව ...උතුර නැගෙනහිර වෙනම රටක් කරන්න නේද..?
ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් ඉන්නවා තමයි. තව සෑහෙන කල් යයි... එ්කට මෙහෙම ගියොත්, ඇමතිවරු එහෙන් කෑ ගහනවා. අපි මෙහෙන් කෑ ගහනවා. අන්තිමට මේ අයට ඕනෙ වැඩේ වෙනවා. රට එක තැනමයි. තව කොහෙද යුද්දෙකුත් එක්ක රට බාර දුන්නා නම්?
රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) රටේ ජනතාවට සහන සලසන්න අවු: 2 1/2 තිස්සේ කෝටිගනනි න් මහජන මුදලින් කුලී ගෙවන සබීතගේ ගොඩනැගිල්ලට තව කෝටි 5 ගෙවීමට පරිපූරක ඇස්තමෙන්තුවක් ඉඩිරිපත් කලබව ළංකාදීපය අද වාර්තා කරා.
රට ශක්තිමත් කරන්නට ඔයාලා සියලු දෙනාම ඉල්ලා අස්වෙලා උසස් දැනුමක් සහිත වටිනා තරුණ පරපුරට රට භාර දෙන්න. අනිත් රැකියා 60 ගෙදර යනවා නම් මේ අයත් යායුතුයි. විශ්‍රාම වැටුප් ලබන්නට පුළුවන් දිගුකලක් සේවය කරලයි. එක පක්ෂයක ඡන්දෙන් ඇවිත් අනිත් පැත්තට පැනීම නැවැත්විය යුතුයි. මේ අයගේ වරප්‍රසාද සියල්ලම මේ අයගේ වැඩි මනාපෙන් ලබාගත් ඉතාම නින්දිත ඒවායි. විශාල ලෙසින් පහසුකම් කොල්ලකාගෙන කොහොමද මේ රට අගාධයට යන එක නවත්වන්නේ? මේ කුඩා මුතු ඇටයක් වගේ ලස්සන රටට ඉන්දියාව වගේ විශාල රටක ඇති ප්‍රාදේශීය සභා ගැලපෙන්නේ නැහැ. මේ අය නඩත්තු කරමින් කිසිදා මේ රට ගොඩගනු නොහැකියි. මේ බයිලා මේ ඡන්දෙ ලග නිසා තමයි ... !!!
ඔබේ පක්ෂය නම් ශක්තිමත් ආර්ථිකයක් කරා යනවා
ඔබතුමා ඔය කතාකරන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු කාණ්ඩයේ ආර්ථිකය ගැනද? එහෙම නැත්නම් රටේ ආර්ථිකය ගැනද?
මේ අය යන්නේ නම් වලපල්ලටම තමයි.
අනේ අගමැතිතුමෝ.... මෙය සහගහන අපරාධයක්. මෙවැනි දේ කියමින් ජනතාව නොමග යවන්න එපා...
මට නම් පේන්නේ වටිනාකමක් නොමැති පුද්ගලයෙක් ලෙසටයි..
අගමැතිතුමනි, ඔබතුමා මහා බැංකු බැදුම්කර වංචාවෙන් බිලියන 59 ක් රටට පාඩු කලා, කෘෂිකර්ම අමාත්‍ය ගොඩනැගිල්ලට කෝටි හයක් ගෙවනවා, ඔබතුමා රට ආර්ථික අගාධයට ගෙනයනවා. ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිරුපයය ප්‍රතිසන්ස්කරණය කල නොහැකි ලෙස විනාශ කරගෙන ඇත. එ ජ ප ය විනාශ කර වලපල්ලට යවා ඇත. රටේ ජනතාව අවදානයෙන් සිටින්නේ බයිලා වලින් ඔවුන් රවටන්න නොහැකියය, ඔබගේ දේශපාලන බලය යොදා බැදුම්කරයෙන් ගැලවී. ගියත් ජනතාවගෙන් ඔබට බේරිමට නොහැකිය. ඔබ අපකීර්තිමත් නායකයෙකි. හදවතට එකගව සිතන්න. ඔබ විසින් කල දේවල් ඔබදන්නවා. ජනාදිපති තුමාවත් අමාරුවේ දැම්මා.
කුලියට ගත් හිස් ගොඩනැගිල්ලට තවත් කෝටි හයහමාරක්
නිදහසෙන් පසු අපි හැමදාම ශක්තිමත් ආර්ථිකයක් කරා තාම යනවා. එසේම අපි තාමත් තුන්වන ලෝකයේ රටක්. රුපියලේ අගය ගැන හිතනකොට අපි යන්නේ කොහෙද කියල මෙතුමා දන්නවා . නමුත් ජනතාව තාම රැවටෙනවා.
ආර්ථිකය පුන් සඳට ආදේශ කළ යුතුයි.
මේ වෙන රටක අගමැති කෙනෙක්ද? කොහේ තියෙන ශක්තියක් ගන්නද කියන්නේ...?
ආර්ථිකේ තව තවත් ශක්තිමත් වීම කෙසේ වෙතත්, ලබන අවුරුද්දේ මැද වෙනකොට හොඳම හරිය බලා ගන්න පුළුවන්.
මේ මොන විහිළු කතාවක්ද.. රුපියලේ වටිනාකම දවසින් දවස පහල බහිනවා. . ජනතාවගෙන් අසීමිත ලෙස බදු එකතුකරනවා. භාණ්ඩවල මිල දවසින් දවස ඉහල යනවා. දුෂණ වංචා ගැන අහන්න ලැබෙනවා. රටේ හදල තිබුන පාරවල් නඩත්තුවක් නැතිවම කැඩිලා යමින් පවතිනවා. රටේ දේපොළ විදේශ රටවලට විකුණමින් පවතිනවා. අර්ටික සංවර්දන වේගය අඩුවේගෙන යනවා. මේ ටික නොදන්නේ කව්ද...
‘අපි, දේශපාලකයන් ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘