අනුරාධපුර සංවර්ධනය සදහා රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අනුරාධපුරයේ දී පැවසීය.
අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්‍රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්‍රණය අමතමින් ඔහු එලෙස කීවේය.
සංස්කෘතික ත්‍රිකෝණය ඇති කලාපය තුළ සිඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්‍රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්‍රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්‍රිකෝණය කියලා. අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්‍රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්‍රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්‍රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල් හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ.
අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්‍රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්‍රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාධ වී හෝ මෙවැනි තීන්දුවක් ගත්තාට ආණ්ඩුව ස්තුතිවන්ත වෙනවා. (ත)
මම වෙන දෙයක් අහනවා. මේ කතා පැත්තකින් තියන්නකෝ. අපිට ඇත්ත කියන්න, අර රිය අනතුරට මොකද වුණේ? (නි)
උපාය මාර්ගික නගර සංවර්දනය කියන්නේ මොකක්ද? නොදන්නා නිසයි අහන්නේ (නි)
කරන්න පුළුවන් නම් අපිත් කැමතියි (නි)
මෙයාලා කටින් බතල හිටවනවා ආ දා ඉඳලා. කරපු දෙයක් ඇත්තටම නැති තරම්. දැන් ගල් අඟුරු සිද්ධියට මොකද වෙන්නේ කියලා මහජනතාවට කියලා හිටියා නම් හොඳයි අනුරපුරේ ගැන කතා කරන්න කලින්. (නි)
මෙයා කටින් බතල හිටෝනවා ආපු දා ඉදල.කරපු දෙයක් ඇත්තටම නැති තරම්. දැන් ගල් අගුරු සිද්ධියට මොකද වෙන්නේ කියල මහජනතාවට කියල හිටියනම් හොදයි අනුරපුරේ ගැන කතා කොරන්න කලින්. (බ)
රට හරි මඟට ගමු, මග සිටින අය යට කරමු. (බ)
රට හරි මඟට ගමු, මග සිටින අය යට කරමු. (හේ)
අනුරාධපුරය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතියේ ආගමික හා සංස්කෘතික කේන්ද්‍රයක් හැටියටයි. ජනතාව බලය දුන්නේ ඔවුන්ගේ සංස්කෘතිය උදුරාගන්න හෝ ත්‍රිකෝණය අටපට්ටමක් කරන්න නොවන බවට අවබෝධ කරගත යුතුයි. (නි)
අපි බලමුකෝ කරයිද කියලා (නි)
ධම්මගේ කතාව හරියට හරි (නි)
හොඳ තීරණයක්. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. රටට අවශ්‍ය කඩිනම් හා ඉක්මන් ප්‍රතිලාබ ලැබෙන සංවර්ධනයක්. පහුගිය කාලේ වගේ නම පවතින්න කරන දේවල් නෙමෙයි (නි)