
ශ්රී ලංකාවේ ප්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් මෙරට අනාගත ව්‍යාපාර නායකයන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් වැදගත් පියවරක් තබා ඇත.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිමත් කරමින් දිනෙන් දින වෙනස් වෙමින් පවතින ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා ඔවුන් සූදානම් කිරීමට යූනියන් ඇෂුවරන්ස් දක්වන කැපවීම යළි තහවුරු කරමින් වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රධාන පෙළේ අධ්‍යාපනික ආයතන සමඟ පවත්වා ගනු ලබන සහකාරත්වය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා මෙම සහයෝගිතාව ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සහ සබරගමු විශ්වවිද්‍යාලය යන ආයතන දෙකම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන මහජන නිලධාරිනී නිසංසලා පරණයාපා මෙන්ම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ඩබ්ලිව්.කේ.ඒ.සී. ඥානපාල ඇතුළු ප්‍රධාන නියෝජිතයෝ සහභාගී වූහ. මෙම සහයෝගිතාව මගින් දැනුම බෙදාහදා ගැනීමේ සැසි, ප්‍රවේශ මට්ටමේ වෘත්තිකයන් සඳහා පුහුණු වැඩසටහන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සීමාවාසික පුහුණු අවස්ථා ඇතුළු ඵලදායී නව වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය හැඩගැස්වීම සහ මෙරටට අවශ්‍ය දිගුකාලීන සංවර්ධනය උදෙසා දායකත්වය සැපයීම වෙනුවෙන් දක්වන කැපවීම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කෙරෙනු ඇත.
මෙම සහයෝගිතාවේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන මහජන නිලධාරිනී නිසංසලා පරණයාපා මෙසේ පැවසුවාය: “අපගේ ජනජීවිතවල වැඩිදියුණුව හා සංවර්ධනය වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් හි අප නිබඳව උපරිම අයුරින් කැපවෙනවා. මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දක්වාත් මේ කැපවීම පුළුල් කිරීම මේ සමග සිදුවෙනවා. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය සමඟ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කරමින්, තමන්ගේ කුසලතා ඉහළ නංවා ගැනීමට සහ සැබෑ ලෝකයේ අත්දැකීම් ලබා ගන්නට හැකි වන පරිදි සිසු පරපුර වෙනුවෙන් අර්ථපූර්ණ අවස්ථා නිර්මාණය කරදෙමින්, හෙට දවසේ නායකයන් බවට පත්වීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමට අප කටයුතු කරනවා”.
යුනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික ගණනක් සමග ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනාගත නායකයන් සවිබල ගැන්වීමට යූනියන් ඇෂුවරන්ස්-සබරගමු සරසවිය සහයෝගීතාවක