නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් (ණයපත්) භාවිතය අඩු වී ඇතැයි වාර්තා වේ.
නව වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සීමා පැනවීමත් සමඟ ජනතාව තම වියදම් අර පරෙස්සමෙන් කර ඇතැයි ද විශාල මිලදී ගැනීම් අඩු කර හෝ නවතා දමා හෝ ඇතැයි ද එක්සත් රාජධානියේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳ සංගමයක් වන ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය සඳහන් කරයි.
ලොක්ඩවුන් සීමා පනවා තිබූ අප්‍රේල් මාසයේදී ක්‍රෙඩිට් කාඩ්පත්වලින් කර ඇති වියදම ස්ටර්ලිං පවුම් බිලියන 8.7කි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කරන ලද වියදමෙන් අඩක් යැයි ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය පෙන්වාදෙයි.
පසුගිය ආර්ථික පසුබැසීමෙන් පසු මසක් ඇතුළත කරන ලද අඩුම වියදම මෙය යැයි ද පැවසේ.
ජනතාව සිය නිවාඩු කාලයේ කිරීමට අපේක්ෂාවෙන් සිටි බොහෝ දේ, විශේෂයෙන්ම සංචාරක කටයුතු, හෝටල් හා නිවාඩු නිකේතනවල වෙන් කිරීම් යනාදිය අවලංගු කිරීමට කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතු වී ඇත.
ග්‍රීෂ්ම ඍතුවේ ගමන් බිමන් යෑම්, නිවාසවලට විවිධ උපකරණ හා උපාංග මිලදී ගැනීම පාරිභෝගිකයෝ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරති.
කොරෝනා වයිරසයෙන් තම රැකියාවලටත් මූල්‍ය තත්ත්වයටත් කොතරම් බලපෑමක් සිදුවනු ඇත්දැයි බොහෝදෙනා දැඩි අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙති. ඒ හේතුවෙන් බොහෝ පිරිසක් මිලදී ගැනීම් සීමා කර ඇතැයි ද ‘‘යූ.කේ. ෆයිනෑන්ස්’’ සංගමය සඳහන් කරයි.
කඩසාප්පු වසා දැමීමත් සංචාරක සීමා පැනවීමත් යන කරුණු හේතුවෙන් ද බොහෝ දෙනා මිලදී ගැනීම් අත්හැර දමා ඇත.
බී.බී.සී. ඇසුරිනි
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අඟුළු දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 50කින් පහත වැටේ
SHANAKA Thursday, 16 July 2020 05:03 AM
ලංකාවේ අප්‍රේල් මාසයේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැඩි බැංකුවලින් ලොකු වට්ටම් ලබාදීම නිසා බැංකු අවුරුද්ද පුරාම එහෙම සහන දෙන්නේ නැහැනේ... මේ පාර අප්‍රේල්වල එහෙම කිසිම සහනයක් තිබුණේ නැහැනේ...