IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අගෝස්තු වනවිට අයවැය හිඟය රු. බි. 411 දක්වා සියයට 55 කින් පහළට

පළමු මාස 8දී මෙරට අයවැය හිඟය රු.බි. 911 ක්
පළමු මාස අටේදී බදු ආදායම රු. බි. 3068.5 ක් දක්වා ඉහළට
රජයේ වියදමද රු.බි.3381.3 දක්වා මෙම වසරේ පළමු මාස අටේදී වර්ධනය වෙලා


විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය අගෝස්තු මාසය වනවිට මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 411 දක්වා පහළ ගොස් ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක පමණ අයවැය හිඟයේ පහළ යාමක් බවත් මුදල් ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම වසරේ පළමු මාස 8දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 911 ක් බවද එහි සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස අටේදී බදු ආදායම රුපියල් බිලියන 3068.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව එය සියයට 30.7 ක ඉහළ යාමක් බවත් එම වාර්තාවේ දැක්වේ. පසුගිය වසරේ පළමු මාස 8දී මෙරට බදු ආදායම රුපියල් බිලියන 2348.5 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව මෙම වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3301.5 ක් බවත් පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව එය සියයට 28.7 ක ඉහළ යාමක් බවත් එම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු මාස අටේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2565.9 ක් විය. මෙම වසරේ පළමු මාස 8දී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 226.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව සියයට සියයට 8.1 ක ඉහළ යාමක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.
රජයේ වියදමද රුපියල් බිලියන 3381.3 දක්වා මෙම වසරේ පළමු මාස අටේදී වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව එය සියයට 11.2 වර්ධනයක් විය. 



අදහස් (1)

අගෝස්තු වනවිට අයවැය හිඟය රු. බි. 411 දක්වා සියයට 55 කින් පහළට

ගුණරත්න Thursday, 02 October 2025 10:16 AM

ආණ්ඩුවේ අලුත් වියදම් තවම ගිණුම්වලට එකතු වුනේ නැහැ. ඉදිරියේදී ලක්ෂ ගාණක් රජයේ සේවයට බඳවා ගන්නත්, නිකම් සල්ලි බෙදන්නත් සූදානමක් තිබෙනවා. ඉතින් ඔය අයවැය හිඟය ලබන අවුරුද්දේ බලාගන්න පුළුවන් වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site