ඡායාරූපකරණ හා සිනමාකරණ ක්ෂේත්‍රයේ Canon යනු අමතක කළ නොහැකි සන්නාමයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcorder, Powershot ආදී සියලුම අවශ්‍යතා සඳහා ගැළපෙන කැමරා මාදිලි ඉතා සාධාරණ මුදලකට මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ හා සිනමා ශිල්පීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට Canon සමාගමට හැකියාව ලැබී ඇත.
මෙවරත් තම උපාංගවල ගුණාත්මකභාවය මෙන්ම ඉහළ පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් තහවුරු කරමින් Canon සමාගම අඛණ්ඩව 22වැනි වරටත් ගෝලීය කැමරාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වී ඇත. මෙම දැවැන්ත සන්නාමය යටතේ පැමිණෙන සියලුම Canon උපාංග ලංකාව තුළ බෙදා හැරීමේ බලය ලත් එකම අලෙවි නියෝජිතයා වන්නේ Metropolitan Technologies ආයතනයයි.
ඉහළ ගුණාත්මකභාවයකින් යුතු Mirroless, PTZ, Camcoder, Powershot ආදී කැමරා උපාංග රැසක් ඉතා සාධාරණ මුදලකට සහ අසම සම වගකීම් කාලයක් යටතේ මිල දී ගැනීමට ඇති හැකියාව නිසා ශ්‍රී ලංකාව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ගේ මෙන්ම සිනමා ශිල්පීන්ගේ විශ්වාසය දිනා ගැනීමට Metropolitan Technologies ආයතනය සමත් වී ඇත. වසර 50කට අධික කාලයක් ලංකාව තුළ Canon නිෂ්පාදන බෙදා හැරීමට මෙන්ම අලෙවියෙන් පසු ගුණාත්මක සේවයක් සැපයීමට හා තම පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන දැනුම සැපයීමට Metropolitan Technologies සමාගම අඛණ්ඩව කැප වී සිටී. කොළඹ Liberty Plaza පළමු මහලෙහි අලුතින් නිමැවුණු Canon Metropolitan Photohub නවතම ශාකාව මගින් තම පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් සමග විශ්වාසනීය සේවාවක් ඉදිරියටත් සැපයීම Metropolitan Technologies අපේක්ෂාවයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඛණ්ඩව 22 වැනි වරටත් ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Canon