IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


Weddings by Shangri-La: The Signature Edit 21 වැනිදා Shangrila හෝටල් පරිශ්‍රයේදී

Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri - La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri - La Ballroom හි පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම්ව තිබේ. 

2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවළවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා නිවැරදි අයුරින් සංවිධානය කරගැනීමට මෙන්ම සිය මධුසමය සඳහා සුවිශේෂි නිවාඩු අත්දැකීමක් ලබාගැනීමට මෙම අවස්ථාව උපකාරී වනු ඇත. Shangri la Colombo හා Shangri la Hambantota හි පවතින සුවිශේෂිත්වය විවාහ අපේක්ෂිත යුවළවල් වෙත ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.

කොළඹ නගරයේ පිහිටි වැඩි ඉඩ පහසුකම් සහිත , කුළුණු රහිත උත්සව ශාලාවක් වන Shangri la Ballroom හා කොළඹින් පිටත පිහිටි Shangri la Hambantota යන හෝටල් ද්විත්වයේම සුවිශේෂිත්වය මෙහිදි ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනයෙන් 2026 වසරේ විවාහ අපේක්ෂිත යුවලවල් වෙත සිය විවාහ මංගල්‍යය හා මධුසමය සඳහා සුවිශේෂි වරප්‍රසාද හිමිවුණු ඇත. ඒ අතර සුවිශේෂි මිල ගණන්, සිය රුචිකත්වය අනුව සකස් කරගත හැකි පැකේජ හා තවත් තෝරාගත් සේවා රැසක් ද ඇතුළත් වේ. මෙහිදී Shangri la හි මගපෙන්වීම යටතේ මනාලිය හැඩගැස්වීම, මල් සැකසුම් නිර්මාණ, ඡායාරූප හා විඩීයෝ සඳහා ද ප්‍රතිලාභ ලබාදීම සුවිශේෂී කරුණකී.

Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී Hervé Duboscq මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ”‍ දිගුකලක පටන් කොළඹ නගරයේ වඩාත් කැපී පෙනෙන හෝටලය බවට Shangri la Colombo පත් වී තිබෙනවා. එ වගේම කුළුණු රහිත Shangri la Grand Ballroom සමග විවාහ අපේක්ෂිත යුවළවල් වෙත සිය මංගල දිනය වඩාත් සුවිශේෂි දිනයක් බවට පත්කිරීමට අපි අවස්ථාව සලසා දී තිබෙනවා. සිය මංගල දිනය වඩාත් නිවැරදි අයුරින් සැලසුම් කිරීම සඳහා Weddings by Shangri - La: The Signature Edit වෙත සහභාගී වීමට අපි සියලු‍ යුවළවල් වෙත ආරාධනා කර සිටිනවා.”‍

Shangri-La Hambantota හි සාමාන්‍යාධිකාරී Refhan Razeen  මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Shangri-La Hambantotයනු දකුණේ ස්වාභාවික සුන්දරත්වය එලෙසින් රැගෙන එන කොළඹින් පිටත පිහිටි විශාලතම කුළුණු රහිත හෝටලයයි. සිය ජිවිතයේ සුවිශේෂි දිනය අමරණිය දිනයක් බවට පත්කරගැනීමට Weddings by Shangri - La: The Signature Edit සමඟ එක්වන ලෙස අපි ආරාධනා කරනවා.” 

Weddings by Shangri-La: The Signature Edit ලියාපදිංචි හා ආරාධිත අමුත්තන් සඳහා ඇතුල්වීමේ ගාස්තු අය නොකෙරේ.



අදහස් (0)

Weddings by Shangri-La: The Signature Edit 21 වැනිදා Shangrila හෝටල් පරිශ්‍රයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site