IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


UTE වෙතින් මිහින්තලය මාර්ග සංවර්ධනයට SEM 915 මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය

මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවSEM 915ත්‍ මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වනUTE වෙතින් මිල දී ගත්තේය. එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම් - බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී) සහ අනුරාධ දිසානායක (කොමසාරිස් - ප්‍රාදේශීය පරිපාලන) වෙත මිහින්තලය ප්‍රාදේශීය සභාවට අනුයුක්ත කිරීමට භාර දෙන ලදී. 

UTE යනු ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ, බල ශක්තිය, පුනර්ජනනීය බල ශක්තිය, ගබඩා හා සැපැයුම් විසඳුම්, වෙල්ඩින් උපකරණ, කාර්මික හා ඉංජිනේරු විසඳුම් සඳහා ලොව ප්‍රමුඛතම සන්නාම නියෝජනය කරන ආයතනයක් වන අතර Caterpillar® එහි ප්‍රමුඛතම සන්නාමය වේ. SEM (Shandong Engineering Machinery Co. Ltd.) ආයතනය වසර 60කට වැඩි කාලයක් චීනයේ SEM සන්නාමය යටතේ වීල් ලෝඩර් නිපදවන අතර 2008දී  හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් බවට පත් විය. SEM 915ත්‍ මෝටර් ග්‍රේඩර් බොරළු මාර්ග සැකසීමට හා පිළිසකර කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බහුකාර්ය යන්ත්‍රයකි.

මිහින්තලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා කාර්යක්ෂම බහුකාර්ය යන්ත්‍රෝපකරණ කෙරෙහි අවධානය යොමු කළ උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු SEM මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය ඊට සුදුසුම යන්ත්‍රය ලෙස තෝරා ගත්හ. එය ABC සමඟ සම්පිණ්ඩනය කළ උප පදනමක් සහිත නව කාපට් මාර්ග ඉදි කිරීමේදී ද්‍රව්‍ය හොඳින් පැතිරවීමට උපකාර වන්නකි. ලොව පුරා මාර්ග ඉදි කිරීමේදී බහුලව භාවිත වන මෙම යන්ත්‍රය ලාභදායී හා කාර්යක්ෂම Earth Moving උපකරණයකි. මෙම යන්ත්‍රය බල ගන්වන්නේ චීනයේ Shandong Diesel Engine Co. Ltd  නිපද වූ SDEC එන්ජිමෙන්ය. ඔවුන් ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ, ජනක යන්ත්‍ර සහ සමුද්‍ර එන්ජින් කර්මාන්තයේ වසර 70ක් පුරා විශාලම ඩීසල් එන්ජින් නිෂ්පාදකයෙකු වන නිසාම SEM මෝටර් ග්‍රේඩරය  UTE වෙතින් මිල දී ගැනීමට තීරණය විය. 



අදහස් (0)

UTE වෙතින් මිහින්තලය මාර්ග සංවර්ධනයට SEM 915 මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site