භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ON’Ally Holdings PLC සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු ලොකු බෝගහවත්තගේ කුමුදු ලාල් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ආසන්න වසර තුනක කාලයක් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්චි ජේම්ස් බුක්ලන්ඩ් වාර්මාන් මහතාගේ ධුර කාලය සම්පූර්ණවීමෙන් අනතුරුව මෙම නව පත් කිරිම සිදු කර තිබේ.
ඉංජිනේරු කුමුදු ලාල් මහතා අද වනවිට නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. ඒ මහතා සතුව වසර 28 කට අධික කාලයක සිවිල් සහ පරිසර ඉංජිනේරුවිද්‍යාව පිළිබඳව අත්දැකීම් සහිත බවත්, ජල සහ අපජල බහාලීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳවද අත්දැකීම් සහිත බව පවසයි.
ON’Ally Holdings PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 44.80 ක් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වෙයි. එහි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ සියයට 50.88ක කොටස් ප්‍රතිශතයක් හිමි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමයි.
2025 නොවැම්බර් මස 04
428
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
UDA සභාපති කුමුදු ලාල් ඔන්‘ඇලි හෝල්ඩිංග්ස් සභාපති ධුරයට