Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි.
කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වී තිබේ. ආරියකුමාර මහතාගේ නායකත්වය යටතේ ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ විශ්වාසනීයභාවය ඉහළින් සලකන එම සමාගම දේශීය සහ විදේශීය වශයෙන් අවස්ථා රැසකදී ඇගැයීමට ලක් වී ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුගතව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන එම සමාගම තත්ව සහතික රැසක්ද ලබා තිබේ.
නේවාසිකල වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් Three Sinha Industries වෙතින් ගත හැකිය. Roller Doors, Shutters, Fire Resistance Doors, Aluminum Fabrication, Sensitive Doors, Automatic Locks ඒ අතර ප්‍රධාන වේ. ඔවුන් මේ වන විට PVC High Speed Doors, Clean Room Doors, Ventillation Doors, Cold Room Doors වැනි නව්‍ය නිෂ්පාදන වෙතද යොමු වී තිබේ. ආරක්ෂාව, කල් පැවැත්ම, භාවිතයේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කර ඒවා නිපදවා ඇත. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්ල ඕෆ්-ග්‍රිඩ්ල හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. Three Sinha Industries සමාගමට අනුබද්ධ IKLO Industries Pre-fabricated සහ Pre-engineered වානේ ඉදි කිරීම් සේවා සපයයි. කාර්යක්ෂමතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය නවීන ඉංජිනේරු විසඳුම් සේවා සපයයි. එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ගැළපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි කිහිපයක්ද හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සැපයුම්කරුවකු ලෙසද කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Three Sinha Industries ශ්රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි