IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


TMH සභාපති ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ

TMH සමූහයේ සභාපති හා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ බ්‍රිගේඩියර් ජනරාල් ආචාර්ය ධර්මලිංගම් තරේසනන් මහතා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙළඟනා සරස්වත පරිෂඩ්හි පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උත්සවයේ ආරාධිතයකු සහ දේශකයකු ලෙස සහභාගී විය. එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කර ඇති කාර්යභාරය අගයමින් ඔහු වෙත Human Rights Crusaders සම්මානයද පිරිනැමිණි. 

මානව හිමිකම් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන පුද්ගලයන් හා ආයතන ඇගැයීමට සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සඳහා වන ජාත්‍යන්තර කොමිසම සහ එක්සත් මානව හිමිකම් සම්මේලනය එම උත්සවය සංවිධානය කර තිබිණි.  මානව හිමිකම් ක්‍රියාකාරීහු, අධ්‍යාපනවේදීහු සහ වෙනත් සමාජ නායකයෝ රැසක් ඊට සහභාගී වූහ. මැඩගස්කරයේ කොන්සල් ජනරාල් අවනිද්‍රා කුමාර් දණ්ඩාමුඩි, අන්තර්ජාතික ආගමන නීතිඥ කවේටි ශ්‍රීනිවාස රාඕ, කීර්තිමත් ස්ත්‍රීවාදී ලේඛිකා Smt Jwalitha  සහ කාන්තා අයිතිය පිළිබඳ ක්‍රියාකාරී ආචාර්ය වේදවති දිනේෂ් වැනි ආරාධිතයෝ රැසක් ඒ අතර වූහ.

“සදාචාරාත්මක පුරුදු සහ ආයතනික සමාජ වගකීම් වැනි දෑ තුළින් මානව හිමිකම් ක්ෂේත්‍රය උසස් කිරීමට ව්‍යාපාර ක්ෂේත්‍රය සතුව විශාල වගකීමක් තිබෙනවා. මානව ගෞරවය සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට ගෝලීය වශයෙන් විශාල කාර්යභාරයක්  කිරීමට ව්‍යාපාර ආයතනවලට හැකියාව පවතිනවා.” තරේසනන් මහතා පැවසීය. දැක්මක් සහිත ප්‍රධාන විධායක නිලධාරිවරයකු ලෙස ප්‍රකට තරේසනන් මහතාගේ පරිපාලනය සහ කළමනාකරණය යටතේ ආයතන රැසක් කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. Mother care International Global Foundation හි විධායක සභාපති සහ නිර්මාතෘ වන ඔහු බ්ලූ ලේක් වෝටර්, රොක්ස්බරි ඉන්ටර්නැෂනල්, ග්‍රීන් වැලි ඇග්‍රෝ ප්ලාන්ටේෂන්, සිලෝන් අයිලන්ඞ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ඇතුළු ආයතන රැසක නායකත්වය දරයි. එසේම ඔහු ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන බ්‍රිගේඩියර් ජනරාල් ලෙසද කටයුතු කරයි. සාමය පිළිබඳව ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාම විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධි ලබා ඇති ඔහු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුකරණය, ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණ කළමනාකරණය, බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රවලට අදාළ ඩිප්ලෝමාද ලබා ඇත.

 



අදහස් (0)

TMH සභාපති ජාත්‍යන්තර මානව හිමිකම් සැමරුම් උළෙලේදී ඇගැයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site