IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


SLIM ආයතනයේ වාර්ෂික මහා සභාවේදී නව නායකත්වය පත්කර ගැනේ

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ නව නිලධාරී මණ්ඩලය: පසුපෙළ (වමේ සිට දකුණට) : ශානිකා රත්නසිරි මිය, කෞෂල්‍යා අමරසේකර මිය, ගයාන් විජේතිලක මහතා, අසංක උදයකුමාර මහතා,  නුවන් තිලකවර්ධන මහතා, රජීව් ඩේවිඩ් මහතා, දමිත් ජයවර්ධන මහතා, අනුක් ද සිල්වා මහතා, ආචාර්ය රසාංජලී අබේවික්‍රම,  ආචාර්ය මුදිත හේවාවනිතුංග මහතා
ඉදිරි පෙළ (වමේ සිට දකුණට) : ගයාන් පෙරේරා මහතා, (හිටපු සභාපති), අසංක පෙරේරා (භාණ්ඩාගාරික), මන්තික රණසිංහ මහතා (ලේකම්),  ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක (උපසභාපති- අධ්‍යාපන හා පර්යේෂණ) මහාචාර්ය (ආචාර්ය) දේවසිරි එන්. ජයතිලක (සභාපති), ඉනොක් පෙරේරා (උප සභාපති-වැඩසටහන් හා තිරසාරත්වය), චන්න ජයසිංහ මහතා (සහකාර ලේකම්) හා චමිල් වික්‍රමසිංහ (ප්‍රධාන විධායක නිලධාරී)


සබරගමුව විශ්වවිද්‍යාලයේ මූල්‍ය අංශයේ මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිවරයා ලෙස පසුගියදා පත්විය.  
එම ආයතනයේ මෙම වර්ෂය සඳහා වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ මැරීනෝ බීච්හිදී පසුගියදා පැවැත්විණි.
2025/2026 වර්ෂය සඳහා අලු‍තින් තේරී පත්කරගනු ලැබූ කළමනාකාරිත්ව මණ්ඩලය සහ විධායක කමිටුව නිල වශයෙන් පිළිගැනීම ද එහිදී සිදුවිණි.  
අලෙවිකරණ ක්‍රමෝපාය, අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සහයෝගිතා පවත්වාගෙන යමින්, මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රය ඉහළම වෘත්තීය මට්ටමකට රැගෙන යාම වෙනුවෙන් එම ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම කැපී පෙනේ. එම කැපවීමට උරදෙමින්, අලෙවිකරණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ තුළ අඛණ්ඩ සාර්ථකත්වය සනිටුහන් කරන අතරම ක්ෂේත්‍රයේ නවෝත්පාදන බිහිකරමින් අභිනවයෙන් තේරීපත් වූ නායකත්වය, තීරණාත්මක කාර්යභාරයක නිරත වනු ඇත.
අලු‍තින් තේරී පත් වූ කළමනාකාරිත්ව මණ්ඩලය, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ මග පෙන්විම ආයතනයට විශේෂඥභාවයක් හා පුළුල් උපායමාර්ගික දැක්මක් පවසයි.
Arogya Life Systems Lanka පෞද්ගලික සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා උප සභාපති - අධ්‍යාපන හා පර්ෙ‌ය්ෂණ අංශ ලෙස පත්වූ අතර PGP Glass Ceylon PLCහි අලෙවිකරණ අපනයන පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී ඉනොක් පෙරේරා මහතා උප සභාපති - වැඩසටහන් හා තිරසාරත්ව ලෙස පත්විය.
Havelock City පෞද්ගලික සමාගමේ අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මන්තික රණසිංහ මහතා ලේකම්වරයා ලෙස ද,  Brand Corridor පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසංක පෙරේරා මහතා භාණ්ඩාගාරිකවරයා ලෙස ද, පත්වූහ.
Freight Links International පෞද්ගලික සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී චන්න ජයසිංහ මහතා සහකාර ලේකම් ධූරයට ද, OREL Corporation හි අලෙවිකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී ගයාන් පෙරේරා මහතා හිටපු සභාපතිවරයා ලෙස ද, එහිදී පත්වීම් ලැබූහ.
කළමනාකරණ සභාවට අමතරව එහි මෙහෙවර 2025/2026 වර්ෂයේත් ඉදිරියට ගෙන යාමට කැපවන, පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විධායක කමිටුව ද පත්විය.
Mercantile Investment and Finance  PLC හි අලෙවිකරණ හා සන්නිවේදන ප්‍රධානී නුවන් තිලකවර්ධන, United Motors Lanka PLCහි සහකාර සාමාන්‍යාධිකාරී - සමූහ අලෙවිකරණ, රජිව් ඩේවිඩ්, Hutchison Telecommunications Lanka පෞද්ගලික සමාගමේ සන්නාම, සන්නිවේදන හා ලෝයල්ටි වැඩසටහන් පිළිබඳ  සාමාන්‍යාධිකාරිනී කෞෂල්‍යා අමරසේකර, Ceylon Capitallink Holdings පෞද්ගලික සමාගමේ නිර්මාතෘ / කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මුදිත හේවාවනිතුංග, HMD Global OY හි ශ්‍රී ලංකා/සිංගප්පූරු/නේපාල රටවල් සඳහා ප්‍රධානී, ගයන් විජේතිලක,  Janet Lanka පෞද්ගලික සමාගමේ අලෙවිකරණ කළමනාකාර අසංක උදයකුමාර,  හැටන් නැෂනල් බැංකුවේ අලෙවිකරණ කළමනාකාර අනුක් ද සිල්වා, DP Logistic පෞද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශ කළමනාකාර දමිත් ජයවර්ධන, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී, ශානිකා රත්නසිරි සහ Alivio Health පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය රසංජලී අබේවික්‍රම යන මහත්ම මහත්මීහූ විධායක සභාවට පත්වූහ.
අභිනවයෙන් තේරී පත් වූ නිලධාරි මණ්ඩලයට සුබ පැතුම් එක් කරමින් කළමනාකාරිත්ව මණ්ඩලයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙලෙස අදහස් දැක්විය.
”ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තිකයන් සවිබල ගන්වමින්, අලෙවිකරණ ප්‍රමිති ඉහළ නැංවිම සඳහා එම ආයතනය සැමවිටම කැපවීමෙන් කටයුතු කරනවා. අපි මෙම නවතම පරිච්ඡේදය ආරම්භ කරද්දී, මෙම වසර සඳහා SLIM 2.0 අලෙවිකරණ වෘත්තියේ, අධ්‍යාපනික සහ පර්යේෂණවල අනාගතය හැඩගැස්වීම’ යන අපගේ තේමා පාඨය ආඩම්බරයෙන් හඳුන්වා දීමටත් කැමැතියි. SLIM 2.0 හුදෙක් තේමා පාඨයක් පමණක් නොවෙයි, එය අලෙවිකරණ අධ්‍යාපනය ඉහළ නැංවීම, වෘත්තීය විශිෂ්ටත්වය ඇති කිරීම සහ කලාපයේ චින්තන නියමුවා ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීම සඳහා වන පරිවර්තනීය දැක්මක්. අලෙවිකරණ ක්ෂේත්‍රය ඉහළ නැංවිම, එහි නව්‍යකරණ හා පරිවර්තන සිදුකිරීම සඳහා මෙම වසරේ අප ඉලක්ක කර තිබෙනවා. 
අධ්‍යාපන ප්‍රමිතීන් උසස් කරන අතරෙහි ඩිජිටල් පරිවර්තනය කරා මෙහෙයවීමට කටයුතු කිරීමෙන් එම ඉලක්ක කරා යාම අපගේ අරමුණයි. එමෙන්ම, නවතම වැඩසටහන් දියත් කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා උපදේශන සහය පිරිනැමීම සහ අලෙවිකරණ සම්බන්ධ අධ්‍යයන සහයෝගීතා ගොඩනගා ගැනීම හරහා SLIM ආයතනයෙන් ශක්තිමත් සමාජ බලපෑමක් ඇති කිරීමටත් අප අවධානය යොමුකර තිබෙනවා. මෙම සුවිශේෂී වෘත්තිකයන් සමග අපි අනාගතයට ප්‍රතිචාර දැක්වීමෙන් පමණක් නොනැවතී, අනාගතය නිර්මාණය කිරීමත් සිදුකරනවා.
SLIM ආයතනයේ ප්‍රගතිය හා එහි ප්‍රබල ගමන්මග සකස් කළ මූලික සාධක වන්නේ, අධ්‍යාපන හා පර්ෙ‌ය්ෂණයි. එහි උප සභාපතිවරයා ලෙස මගේ අරමුණ වන්නේ, ඉහළම මට්ටමේ වැඩසටහන් හඳුන්වාදෙමින්, ක්ෂේත්‍රයේ අධ්‍යාපනික හිඩැස පියවන අතරෙහි, අපගේ පාඨාමාලා ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමින් පවත්වා ගැනීමයි. ඒ සඳහා දැනුමෙන් හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනවලින් පොහොසත් පරිසරයක් ගොඩ නැගීමට, නායකත්ව කණ්ඩායම කැප වී සිටිනවා.” යනුවෙන් SLIM කළමනාකාරිත්ව මණ්ඩලයේ උපසභාපති, අධ්‍යාපන හා පර්ෙ‌ය්ෂණ ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා සඳහන් කළේය.
SLIM හි උප සභාපති ඉනොක් පෙරේරා මහතා ද මෙලෙසින් සිය අදහස් දැක්විය.
“ඉදිරියේදී, අපගේ සාමාජිකයින්ට මෙන්ම අප හා අත්වැල් බැඳ සිටින අනෙකුත් ආයතනවලට වටිනාකමක් සැලසෙන වැඩසටහන් සංවිධානය කරන අතරම, තිරසාර ව්‍යාපාරික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් SLIM ආයතනයේ කාර්යභාරය තවත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කරනවා. අපගේ ප්‍රගතිය වෙනුවෙන් මේ වසරේ උද්යෝගිමත් ඉලක්ක රැසක්ම තිබෙනවා. කණ්ඩායම සමඟ එක්ව ඒවා යථාර්ථයක් බවට පත්කිරීම මගේ  බලාපොරොත්තුවයි.”
කීර්තිමත් වෘත්තිකයන් කණ්ඩායමක නායකත්වයෙන් යුතුව SLIM ආයතනය, අඛණ්ඩව වෙනස්වන අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ නව අවස්ථා වැලඳ ගනිමින්, විශිෂ්ටත්වයේ උරුමය සමගින් ගොඩනැගෙනු ඇත. මෙම කළමනාකාරිත්ව මණ්ඩලයේ සහ විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නිරත පිරිස සාර්ථකත්වය කරා යොමු කරන අතරෙහි, නවෝත්පාදනය සහ වෘත්තීය සංවර්ධනය කරා මෙහෙයවන වැඩකටයුතු සඳහා නායකත්වය දීම වෙනුවෙන් කැපවී සිටිති.



අදහස් (0)

SLIM ආයතනයේ වාර්ෂික මහා සභාවේදී නව නායකත්වය පත්කර ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 63 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site