IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Regenagri පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

”‍ගෝලීය වෙළෙඳපොළට දොර අරින පුනර්ජනනීය කෘෂිකර්මාන්තය”‍ යන මාතෘකාවෙන් ඉහළ පෙළේ සංසදයක් කොළඹ දී පැවැත්විණි. එය Solidaridad සහ Nucleus පදනම් එක්ව සංවිධානය කරන ලද අතර ControlUnion වෙතින් අනුග්‍රහය දක්වන ලදී. තේ, පොල්, කුළුබඩු, ඔයිල් පාම් සහ අනෙකුත් ප්‍රධාන භෝග වගා සඳහා නව යෙදවුම් හා වගා පිළිවෙත් ඇසුරින් පසෙහි සාරවත් බව රැකගන්නා ආකාරය පිළිබඳව මෙම වැඩමුළුවේදී ඉස්මතු විය.
සොලිඩාරිඩැඩ් ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ශතාදෘ චට්ටෝපාධය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් පවසා සිටියේ, “පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ මූලික පදනම පසේ නිරෝගීකම, කාබන් වෙන් කිරීම, ජලය ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම බවයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක තිරසර ක්‍රමවේදයක් වන Regenagri වන සහතිකය ලබා ගැනීමට හල්ගොල්ල වතු සමාගම් සහ ලු‍‍ම්බිණි වැනි කුඩා වතු කණ්ඩායම් පිළිබඳව ඔහු ප්‍රශංසා කළේය. “එය සුළු දෙයක් නොවේ,” ඔහු සඳහන් කළේ, “‍Regenagri”‍ ගොවීන්ට ඔවුන්ගේ තිරසාර උත්සාහය මැනීමට වැඩිදියුණු කිරීමට සහ මුදල් ඉපැයීමට උපකාරී වන බවයි.”
Chattopadhayay වැඩිදුරටත් අවධාරණය කළේ Regenagri යනු ගොවිතැන් ක්‍රමයක වඩා වැඩි යමක් බවයි. එය පුනර්ජනනීය පිළිවෙත් බලගන්වන, තිරසර කෘෂිකර්මාන්තය හා පාරිසරික සමතුලිත බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන, ඒ සඳහා මිලක් ගෙවීමට කැමැති ගැනුම්කරුවන් සමග සම්බන්ධ කරන සක්‍රීය වෙළෙඳපොළ යාන්ත්‍රණයක් බවයි.
“මෙම ප්‍රමිති අනුගමනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ තේ වතුවල කාබන් පියසටහන අඩු කර ගැනීම, පසෙහි සහ තේ පඳුරුවල කාබන් ගබඩා කිරීමට සහ විශේෂයෙන් යුරෝපා වෙළෙඳපොළ වෙත ප්‍රවේශය පහසු කිරීම හා ඒ සඳහා ප්‍රවේශ වීමට අවස්ථා විවෘත කිරීම, දේශගුණික සමබරතාව සඳහා දායක වීම, කොම්පෝස්ට් සැකසීම, සෙවණ සහිත ගස් සිටුවීම සහ තිරසාර පිළිවෙත් අනුගමනය කිරීම සඳහා වැනි ක්‍රියාවලට මග සැකසීම”‍ සිදුවෙයි.
තේ පිළිබඳ සංස්කෘතියක් සහ පිළිගත් ගෝලීය සන්නාමයක් ඇති ශ්‍රී ලංකාවේ “තේ”‍ කර්මාන්තය, මෙම සාධනීය වෙනසෙන් කර්මාන්තයේ දුබලතා මගහරවා ගැනීම සඳහා උද්‍යෝගිමත් වී තිබේ. තේ කර්මාන්තයෙන් ලබාගන්නා ආරම්භය, රබර්, පොල්, කුළුබඩු සහ සහල් දක්වා ව්‍යාප්ත විය හැකි අතර, පුනර්ජනනීය සංවර්ධනය සඳහා සමස්ත ශ්‍රී ලාංකික ආකෘතියක් නිර්මාණය කළ හැකි බව මෙම සමුළුවේදී අවධාරණය විය.
කෙසේ වෙතත්, සාර්ථකත්වය රඳා පවතින්නේ වැවිලි, කුඩා වතු හිමියන්, අපනයනකරුවන්, පර්- යේෂකයන් සහ රජය අතර සහයෝගීතාව මතය.
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ඇතුළු පාර්ශ්වකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා සහ ControlUnion සිය දායකත්වය ලබා දෙයි.
Regenagri හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රැන්කෝ කොස්ටන්ටිනි රැස්ව සිටි පිරිස අමතමින් මෙසේ පවසා සිටියේය. “Regenagri යනු භූමියේ සෞඛ්‍ය සහ එහි ජීවත් වන අයගේ ධනය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් පුනර්ජනනීය කෘෂිකාර්මික ප්‍රවේශයක්. පෘථිවියේ පසෙන් සියයට 33 ක් දැනටමත් අකර්මණ්‍ය වී ඇති අතර 2050 වන විට සියයට 90 කට වඩා අකර්මණ්‍ය තත්වයට පත් විය හැකියි. බිලියන 3.2 කට අධික ජනතාවගේ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකියි. මුළු හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 21 ක් පමණ කෘෂිකර්මාන්තය නිසා පරිසරයට එක් වෙයි. මෙම අභියෝගවලට මුහුණ දෙන Regenagri ලොව පුරා ගොවිපොළවල් 15,000 ක අක්කර 50,000 ක සැපයුම් දාමයන් විසින් අනුගමනය කරනු ලැබේ”‍.
ලොව පුරා ප්‍රමුඛ පෙළේ ආහාර සහ විලාසිතා සන්නාම Regenagri භාවිත කරයි. ඔහු පැවසුවේ, PVH Corp ප්‍රමුඛ විලාසිතා සන්නාම දෙකක් වන Selfridges, Most Hennessy, Calvin Klein සහ Tommy Hilfiger ඇතුළු ආයතනික ප්‍රමුඛයන් කිහිප දෙනකු සහ ශ්‍රී ලංකාවේ කැලණි වැලි වැවිලි සමාගම් මෙම ලැයිස්තුවට ඇතුළත් කරමිනි.
Regenagri සහතිකයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ ඔහු අවධාරණය කළේ, කාබන් නැවත පොළොවට එක් කිරීමෙන් පස සාරවත් කිරීම, එමගින් මෙතෙක් නොලද අමතර ආදායමක් සඳහා ප්‍රවේශ වීමයි. පුනර්ජනනීය ගොවිතැනට නායකත්වය දීම සහ කුඩා වතු හිමියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙළෙඳපොළ වෙත ප්‍රවේශය, EUDR වැනි රෙගුලාසිවලට අනුකූල වීම යනාදියයි.
මෙම අවස්ථාව සඳහා කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ආචාර්ය Regenagri හි කලාපීය නියෝජිත රාජේෂ් ඩූබ්, ControlUnion කළමනාකර අධ්‍යක්ෂ රොෂාන් රණවක, කැලණි වැලි සමාග⁣මේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි, Nucleus පදනමෙහි නිර්මාතෘ ඩේව් මැකෙන්සි, ඇතුළු තවත් විද්වතුන් කිහිප දෙනෙක්ම අදහස් ද ඉදිරිපත් කළහ.
මේ සැම⁣ගේ අදහස් තුළින් ඉස්මතු වූ පණිවිඩය වූයේ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය සීමිත භූමියක් ඇති මෙරට පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ආර්ථික වර්ධනය සහ ගෝලීය වෙළෙඳපොළ තරගකාරීත්වය සඳහා මාවතක් ලබා දෙන අතර තේ, රබර්, පොල්, ඖෂධ පැළෑටි සහ කිරි නිෂ්පාදනයට පවා ඉන් යහපතක් අත්වන බවයි.



අදහස් (0)

Regenagri පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site