
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළෙඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළෙඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි, ශ්‍රී ලාංකීය සංගීත කලාව ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය සුවිශේෂී කලා ශිල්පිනියකි.
මෙම පත්කිරීම ශ්‍රී ලංකාවේ ජන හද දිනූ, සියයට 100 ක්ම ශ්‍රී ලාංකික නාම දෙකක සුසංයෝගයක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලාංකීය හැකියාව හා විශිෂ්ටත්වය ගෝලීය තලය වෙත රැගෙන යාම දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ. ගායිකාවක මෙන්ම සංගීත ශිල්පිනියක ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දිනාගත් සුවිශාල ජනප්‍රියත්වයක් උමාරියා සිංහවංශ සතුය. ඇය ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි.
උමාරියා සිංහවංශගේ ජනප්‍රියත්වය ඔස්සේ කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් Prime සමූහ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ එක් මූලික ඉලක්කයකි. එමෙන්ම ශ්‍රී ලාංකික විශිෂ්ටයන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් Prime සමූහ ව්‍යාපාරය සතු දැක්ම ඔස්සේ රටේ දක්ෂතා සහ සංස්කෘතික උරුමයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙහි තවත් අරමුණක් වී ඇත. ඉදිරියේදී උමාරියාගේ මැදිහත්වීම සහ නිර්මාණශීලී මෙහෙවර ඔස්සේ ලොව පුරා පාරිභෝගිකයන් වෙතට සමීප වීමට Prime සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි.
“උමාරියා යනු ශ්‍රී ලාංකික විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක්. ශ්‍රී ලාංකිකත්වය මත පදනම් වූ ඇගේ දක්ෂතාවන්ට ගෝලීය පිළිගැනීමක් හිමි වී තිබෙනවා. ඇය අපගේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීම, ශ්‍රී ලංකාව ලොව දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්මට සමගාමී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සුසංයෝගය ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමිති නැවත නිර්වචනය කරමින්, පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, රටේ කුසලතා සහ සංස්කෘතික වටිනාකම් මූලික කරගත් ප්‍රචාරණ ක්‍රමවේදයක් ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට අප බලාපොරොත්තු වනවා.” Prime සමූහ ව්‍යාපාරයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
“වසර 30 කට අධික ඉතිහාසයක් සහිත දේශීය සන්නාමයක් වන Prime සමූහ ව්‍යාපාරය සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. මෙය රටේ හැකියාවන් ගෝලීය තලයට රැගෙන යමින්, ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අප සතු අන්‍යෝන්‍ය දැක්ම මැනැවින් පිළිබිඹු කරනවා. මීට දශකයකට පමණ පෙර මා මුල්ම වරට දේපළක් මිලදී ගත්තේ Prime වෙතිනුයි. එය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. වර්තමානයේ මේ ආකාරයට Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස එම සමූහය නියෝජනය කිරීමට හැකි වීම පිළිබඳව මා ආඩම්බර වනවා. මේ විශිෂ්ටත්වය ලෝකය සමග බෙදාගැනීම මගේ අරමුණයි.” උමාරියා සිංහවංශ පැවසීය.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2025
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය උමාරියා සිංහවංශ