IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


OREL Cloud ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම ISO/IEC 27017 සහතිකය දිනාගනී

ශ්‍රී ලංකාවේ ISO/IEC 27017 දිනාගත් පළමු දේශීය ISO/IEC සැපයුම්කරු බවට පත්වෙමින් OREL IT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. Cloud-specific information security වෙනුවෙන් හිමිවන රන් ප්‍රමිතිකරණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන මෙම සහතිකය තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොව එමගින් ආරක්ෂිත අනුකූල සහ අනාගතයට ගැලපෙන cloud පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් OREL IT විසින් දක්වන දැඩි කැපවීම ද මැනවින් ප්‍රදර්ශනය කෙරේ. ලෝකය OREL IT පරිගණක තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලබන යුගයකදී විශ්වසනීයත්වය යනු තවදුරටත් විකල්පයක් පමණක් නොව, එය මුල සිටම ගොඩනගා ගත යුතු අත්‍යාවශ්‍ය කරුණකි.

OREL Cloud හි විශ්වසනීයත්වය 2024 අගෝස්තු මාසයේදී ලබාගත් මෙම සහතිකය ඔස්සේ වඩාත් සවිමත් කරයි. මේ සමගින් OREL Cloud විගණනය කළ හා ගෝලීය මිනුම් සලකුණු කරන ලද ආරක්ෂක පාලනය පමණක් නොව, සැපයුම්කරු සහ පාරිභෝගිකයා අතර බෙදාගත් වගකීම කළමනාකරණය කිරීමට ව්‍යවසාය සඳහා අවශ්‍ය පැහැදිලි බව සහ පාලන බලය ද ලබා දෙයි. එමෙන්ම එය Cloud මෙහෙයුම්වල හිස්තැන් හෝ වැරදි පියවර ඇතිවීමේ අවදානම ද අඩු කරනු ලබයි.

Cloud තාක්ෂණයට අනන්‍ය වූ අවදානම් තත්වය ආමන්ත්‍රණය කිරීමෙන් ISO/IEC 27017 ප්‍රමිතිය ISO/IEC 27001 ප්‍රමිතිය මත පුළුල් වේ. මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් PayMedia සහ DirectPay හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුණ්ඩ මෙසේ ප්‍රකාශ කළේය. “මූල්‍ය ආයතන සඳහා ප්‍රමුඛ යෙදුම් සපයන්නකු ලෙස අපිට දත්ත පිළිබඳ ආරක්ෂාව මිල කළ නොහැකියි. OREL Cloud සමග හවුල්කාරිත්වයක් ආරම්භ කිරීම ඔස්සේ ජාත්‍යන්තරව සහතික කරන ලද දේශීය වේදිකාවක් කෙරෙහි අපට විශ්වාසයක් ලබා දෙනවා. තවදුරටත් එම විශ්වසනීයත්වය ISO/IEC 27017 තුළින් ඉහළ නංවනවා. වඩාත් වේගයෙන් පරිමාණය කිරීමට සහ මනා සහයෝගීතාවකින් කටයුතු කිරීමට මෙන්ම අමතර සංකීර්ණතාවකින් තොරව අනුකූලතා අවශ්‍යතා සපුරාලීමට මෙම සහතිකයත් සමග අපට හැකියාව ලැබී තිබෙනවා. මහ බැංකුවේ මාර්ගෝපදේශ සහ අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කරන OREL Cloud විසින් පිරිනමන දේශීය නම්‍යශීලීභාවය සහ වගවීම ඔස්සේ මනා පිටුබලයක් සපයන අතර අප ඉහළ පෙළේ සැපයුම්කරුවකුගේ ගෝලීය පරිමාණ වෙත ළඟා වෙමින් සිටිනවා.”‍



අදහස් (0)

OREL Cloud ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම ISO/IEC 27017 සහතිකය දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site