IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


NDB බැංකුව කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය ප්‍රඥප්තියට අත්සන් තබයි

NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම්  සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය ප්‍රඥප්තිය : (WE Finance Code) නිල වශයෙන් අත්සන් තැබූ බව නිවේදනය කර සිටියි-
 මෙම ප්‍රතිඥාවෙන් NDB බැංකුව සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි මූල්‍ය පහසුකම් ලබා දෙන, දත්ත මත පදනම් වූ සහ සාධාරණ මූල්‍ය පරිසර පද්ධතියක් පෝෂණය කිරීමට කැපවී සිටින ඉදිරිගාමී මූල්‍ය ආයතන සමූහයක් අතරට එක්වෙයි.
2023 ඔක්තෝම්බර් මස මොරොක්කෝවේ මරකෙශ්හිදී ලෝක බැංකුවේ - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමේදී හඳුන්වාදෙන ලද කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය ප්‍රඥප්තිය, සේවා සපයන්නන්, නියාමන ආයතන, සංවර්ධන බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සම්පත් දායකයන් සහ පාර්ශවකරුවන් එකට එක් කර, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර ගොඩනැංවීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස සැලකිය හැක. ආසියානු සංවර්ධන බැංකුවේ ^ADB& සහය ඇතිව 2025 මාර්තු මස ශ්‍රී ලංකාව විසින් මෙම ප්‍රඥප්තිය ජාතික වශයෙන් සම්මත කරගත් අතර එය කාන්තා ව්‍යවසායකයන් සඳහා වූ ආර්ථික වපසරිය තුළ සුවිශේෂී පරිවර්ථනයක් සිදු කිරීමට සමත් විය.
මෙම ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන්, නවෝත්පාදන මෙහෙයවීමට, නව රැකියා නිර්මාණය කිරීමට සහ ප්‍රජාව නගා සිටුවීමට කාන්තා ව්‍යවසායකයන් තුළ ඇති දක්ෂතාව සහ හැකියාව පිළිබඳ තම විශ්වාසය NDB බැංකුව නැවත තහවුරු කර සිටියි. මේ සඳහා දායක වීම මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, සාධාරණව සියලුදෙනාටම ව්‍යාපාර මූල්‍ය සඳහා ප්‍රවේශය සැලසීම NDB බැංකුවේ වගකීම් සහගත බැංකුකරණයක් වෙනුවෙන් ඇති පුළුල් න්‍යායපත්‍රය සමඟද සමපාත වේ.
අර්ථාන්විත ප්‍රවේශයක් සහතික කිරීම සඳහා මෙම ප්‍රඥප්තිය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවල හිමිකාරීත්වය, නායකත්වය හෝ පාලනය යන අංශයන් තුළ ඔවුන් විසින් දරණු ලබන සුවිශේෂී කාර්යභාරය හඳුනාගැනීම සහ ඒ සඳහා සහය වීමට අවශ්‍ය නිශ්චිත මගපෙන්වීමක් සපයයි- මෙම ප්‍රවේශය හරහා මූල්‍ය විසඳුම් ලබාදීමෙන් කාන්තාවන් හුදෙක් ව්‍යවසායිකාවක් පමණක් නොව ඔවුන් සමස්ත ආර්ථික වර්ධනයේ ප්‍රධාන පාර්ශවකරුවකු බවට පත් කෙරෙයි-
ස්ත්‍රී පුරුෂ අසමතුලිතභාවය වැනි කාරණා සම්බන්ධ අවශ්‍ය දත්ත රැස් කරමින් සහ එම දත්ත භාවිත කිරීමෙන්  පවතින පරතරය හඳුනා ගැනීම සහ විවිධ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් ආයතනවල පරිවර්ථනය ඇතිකරගැනීම සඳහා මෙම කාන්තා ප්‍රඥප්තිය සහය වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අනුමැතිය සහිතව, මෙම ව්‍යවූහය හරහා ඉලක්කගත විසඳුම් ගොඩනගමින්  සහ ප්‍රතිඵල ඵලදායී තීරණ ගැනීම සඳහා NDB වැනි බැංකුවලට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් ගොඩනැගීම සඳහාද සහය වෙයි. මේ සඳහා සම්බන්ධවීමෙන්, NDB බැංකුව ආසියාව සහ පැසිෆික් කලාපය පුරා කාන්තාවන් සඳහා මූල්‍ය පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා සාමූහිකව කටයුතු කරන ජාලයක් සමග සම්බන්ධ වේ. මෙම මුලපිරීම ජාතික හා කලාපීය සංවාද මෙහෙයවමින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව දිරිමත් කිරීමට සහ කාන්තාවන් සතු ව්‍යාපාරවල ආයෝජන වැඩි කිරීමට, ජාතික ආර්ථික වර්ධනයට දායක වන්නන් ලෙස එම කාන්තාවන්ගේ හැකියාව විවෘත කර දෙයි.
NDB බැංකුවේ ස්ථාවරය පිළිබඳව අදහස් දක්වමින්, NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ උප සභාපති ඉන්දික රණවීර මෙසේ පැවසීය, “NDB බැංකුවේ අපි, කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම හුදෙක් ආයතනික වගකීමක් පමණක් නොවන බව අපි හඳුනාගෙන ඇත්තෙමු.



අදහස් (0)

NDB බැංකුව කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය ප්‍රඥප්තියට අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site