IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


NDB Pixel ගිණුම පිළිබඳ දැනුවත් කිරීමට බිෂොප් විද්‍යාලය සමග සම්බන්ධ වෙයි

NDB බැංකුව ඔවුන්ගේ නවතම යොවුන් බැංකු ගිණුම වන NDB Pixel හරහා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යෞවන යෞවනියන් අතර මූල්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගිය දා කොළඹ බිෂොප් විද්‍යාලය සමග හවුල්විය. මෙම හවුල්කාරිත්වය, ඩිජිටල් මූල්‍ය පරිසරයක් තුළ වඩ වඩාත් වර්ධනය වීමට අවශ්‍ය මෙවලම් හා දැනුම සමඟ ඊළඟ පරම්පරාව පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරයි.
මෙම සහයෝගීත්වයේ ප‍්‍රධාන වැඩසටහන වූයේ බිෂොප් විද්‍යාලීය ගුරුවරුන් සහ සිසුන්ගේ මවුපියන් වෙනුවෙන්

NDB බැංකුව විසින් සංවිධානය කරනු ලැබූ සුවිශේෂ දැනුවත් කිරීමේ සැසියයි. මෙම සැසිය, NDB Pixel යොවුන් ගිණුමේ විශේෂාංග සහ එහි ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් කළ අතර, මවුපියන්ට හෝ භාරකරුවන්ට සිය දරුවන්ගේ මූල්‍ය වගකීම් පිළිබඳ SMS පණිවිඩ හා විද්‍යුත් ප‍්‍රකාශන (e-Statements) හරහා ක්ෂණිකව අධීක්ෂණය කිරීමට හැකියාව ලබාදෙමින් NDB Pixel ගිණුම මඟින් සිසුන්ට මූල්‍ය වගකීම් දැරීමේ පළමු පියවර ගැනීමට ඔවුන්ට සවිබල ලබාදීමේ ආකාරය ඉස්මතු කරයි.

NDB Pixel යනු වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යොවුන් වයසේ ගනුදෙනුකරුවන් සඳහාම පමණක් නිර්මාණය කරන ලද ගිණුමකි. මෙය හුදෙක් ඉතුරුම් ගිණුමක් පමණක් නොව ඩිජිටල් මාධ්‍යයන් හරහා ස්මාර්ට් ඉතුරුම් සහ වියදම් පුරුදු සඳහා සිසුන් දිරිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාව ගොඩනැංවීම සඳහා නිර්මාණය කළ බැංකුකරණ විසඳුමකි. NDB මොබයිල් බෑංකින් පහසුකම සහ ඩෙබිට් කාඩ්පතකින් සමන්විත වූ මෙම ගිණුම හරහා යෞවනයන්ට ඉතාමත් ආරක්ෂිත සහ මනා පාලනයකින් යුතු පරිසරයක් තුළ ඔවුන්ගේ මුදල් කළමනාකරණයේ අත්දැකීම ප‍්‍රායෝගිකව ලබාගත හැක.

බිෂොප් විද්‍යාලයට පමණක්ම වෙන්වූ සුවිශේෂ පිරිනැමීමක් ලෙස NDB බැංකුව, යොවුන් ගනුදෙනුකරුවන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ ඔවුන් සඳහාම නිර්මාණය වූ සැබෑ බැංකුකරණ අත්දැකීමක් නිර්මාණය කරමින්, සිසුන් සඳහාම වෙන්වූ ආකර්ෂණීය ඩෙබිට් කාඩ්පතක් හිමිකර ගැනීමේ අවස්ථාවද මෙමඟින් හිමිවේ.

මෙම මුලපිරීම හරහා, NDB බැංකුව කුඩා කල සිටම මූල්‍ය අධ්‍යාපනය සහ එහි හරය වෙනුවෙන් පෙනී සිටිමින් යෞවනයන් සවිබල ගැන්වීමේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස සිය කාර්යභාරය නැවත වරක් තහවුරු කරයි. NDB Pixel හරහා ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැනුවත් ලෙස වගකීම් සහගතව සිය මූල්‍ය තීරණ ගන්නා පුරවැසියන් බවට පත්කිරීමට NDB බැංකුව කැපවී සිටියි.

 



අදහස් (0)

NDB Pixel ගිණුම පිළිබඳ දැනුවත් කිරීමට බිෂොප් විද්‍යාලය සමග සම්බන්ධ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site