IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


Medihelp සමූහයට Moratuwa Medical Center එක් කර ගනිමින් සුව සේවා ජාලය පුළුල් කරයි

මෙරට ප්‍රමුඛ මූලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලයක් වන Medihelp Hospitals සමූහය සිය සේවා වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් කීර්තිමත් වෛද්‍ය මධ්‍යස්ථානයක් වන Moratuwa Medical Center සිය සමූහයට එක් කර ගනියි. ප්‍රාදේශීය සහකරුවන් සමග විශ්වාසයෙන් යුතු සහ කල් පවත්නා සම්බන්ධතා ඇති කර ගනිමින් දැරිය හැකි ගාස්තු යටතේ උසස් තත්වයේ ප්‍රතිකාර සේවා සැපැයීමට Medihelp Hospitals සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. 

උසස් ප්‍රමිතියේ සේවාවක් පාරිභෝගිකයන්ට සපයන Moratuwa Medical Center දශක තුනකට වැඩි ඉතිහාසයක් සහිත කීර්තිමත් ආයතනයකි. ඔවුන් ගුණාත්මක ප්‍රතිකාර සේවා සැපැයීමෙන් මොරටුව හා ඒ අවට ප්‍රදේශ රැසක ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනා ඇත. Moratuwa Medical Center මෙතෙක් පැමිණි විශිෂ්ට ගමන් මග තව දුරටත් ශක්තිමත් කිරීම Medihelp Hospitalsහි අරමුණ වේ. දැනට සේවය කරන කාර්ය මණ්ඩලයට හෝ දැනට ක්‍රියාත්මක වන මෙහෙයුම්වලට බාධාවක් නොවන ලෙස මෙම ඒකාබද්ධ වීම ක්‍රියාවට නංවා ඇත. පාරිභෝගිකයන්ට සුපුරුදු කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග ගනුදෙනු කරමින් ප්‍රතිකාර සේවා ලැබිය හැකිය. Moratuwa Medicare Centerහි ප්‍රතිකාර පද්ධති සහ සේවා ගුණාත්මකභාවය ක්‍රමිකව ඉහළ නැංවීමට Medihelp Hospitals සැලසුම් කර තිබේ. ජාතික ප්‍රමිතිවලට අනුගත වෙමින් සිදු කිරීමට නියමිත එම වෙනස්කම් තුළින් වෛද්‍ය විශිෂ්ටත්වය සහ පාරිභෝගික අත්දැකීම් ඔසවා තැබීමට හැකි වනු ඇත.

මෙම උපායමාර්ගික ඒකාබද්ධ වීමෙන් පිළිබිඹු වන්නේ මොරටුව සහ ඒ අවට සුව සේවා ප්‍රමිති වර්ධනය කිරීමට Medihelp Hospitals සතු දැක්ම සහ ඒ වෙනුවෙන් ඔවුන් කරන වටිනා ආයෝජනයයි. මොරටුව ප්‍රදේශයේ සියලු‍ පහසුකම්වලින් සමන්විත Medihelp Hospitals ශාඛාවක් දැනටමත් පිහිටා ඇති පසුබිමක මෙම ඒකාබද්ධ කිරීම හුදෙක් ව්‍යාපාර පුළුල් කිරීමක් පමණක් නොවේ. එය උසස් ප්‍රමිතියේ ප්‍රතිකාර සේවා සැපයීම සඳහා වන ඔවුන්ගේ දැක්ම වඩාත් ශක්තිමත් කිරීමකි. සහයෝගය සහ රැකවරණය පිරුණු සේවාවක් සැපැයීමට Moratuwa Medical Centerහි  කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සාදරයෙන් පිළිගන්නා බව Medihelp Hospitals සඳහන් කළේය. වසර 45කට වැඩි ඉතිහාසයක් සහිත, දිවයින පුරා විහිදුණු ශාඛා 18කට හිමිකම් කියන Medihelp Hospitals මෙරට මූලික සහ ද්විතීයික සුව සේවා ක්ෂේත්‍රය නව මානයකට රැගෙන යමින් සිටී. Medihelp Hospitals රෝහල්, රසායනාගාර සහ මූලික ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසකින් සමන්විත සෞඛ්‍ය සේවා ජාලයක් ලෙස වසරකට රෝගීන් මිලියනයකට වැඩි පිරිසකට සේවා සපයයි. සුව සේවා ක්ෂේත්‍රයේ සිය භූමිකාව වඩාත් ශක්තිමත් හා පුළුල් කිරීමේ අරමුණෙන් 2024දී මෙරට විශාලම භෞත චිකිත්සක සායන ජාලය වන Revivalහි හිමිකාරිත්වය තමන් සතු කර ගැනීම Medihelp Hospitals සිය ගමන් මගේ ලැබූ තවත් එක් සුවිශේෂ ජයග්‍රහණයකි.



අදහස් (0)

Medihelp සමූහයට Moratuwa Medical Center එක් කර ගනිමින් සුව සේවා ජාලය පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site