IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


MTU-DIMO සහයෝගීතාවෙන් ලංකාවේ සහ මාලදිවයිනේ නාවික ඉංජිනේරු අංශ බලගැන්වේ


ඉහළ කාර්යක්‍ෂමතාවක් සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය බලයලත් නියෝජිතයා වනDIMO සමග එක්ව නවීන විසඳුම්වලින් කලාපිය වශයෙන් නාවික සහ ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම  MTU   බලයලත් අලෙවි නියෝජිතයා ලෙසDIMO රටවල් ද්විත්වයේම සිටින 400කට අධික  MTU  පාරිභෝගිකයන්ට සහ එන්ජින් සඳහා ඉහළ සේවාවක් සපයමින් සිටි. එමෙන්ම ඒ ඔස්සේ ඉතා වැදගත් යටිතල පහසුකම් රැසක් සවිබල ගන්වයි.

සිය පාරිභෝගිකයන් මෙම නවතම විසඳුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා DIMO–MTU Technical Forum  2025 පසුගිය දිනක සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය ද නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ. එමෙන්ම MTU  නියෝජිතයෝ සහDIMO නායකත්වය ද මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී MTU Go! වැනි නවතම විසඳුම් පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි නාවික සහ ඉංජිනේරු අංශයේ සාමාන්‍යාධිකාරී චතුර ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. ”පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සියලු‍ම MTU  එන්ජින් සහ පද්ධති  IoT  හරහා මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වෙත සම්බන්ධ කිරීමට  MTU Go! මගින් අවස්ථාව සලසනවා. 

එය, එන්ජින් ආශ්‍රිතව උද්ගතවන දෝෂ විනිශ්චය කිරීම, කාර්ය සාධන මිනුම් ලබා ගැනීම, සේවා කාලසටහන් සහ ජංගම උපාංග හරහා තොරතුරු ලබා ගැනීම මෙන්ම දත්ත පදනම් කර ගනිමින් තීරණ ගැනීම, සඳහා පූර්ණ ප්‍රවේශයක් මේ ඔස්සේ පිරිනමනවා.”

සැබෑ එන්ජින් භාවිතය සහ කාර්ය සාධන ප්‍රවණතා මත පදනම්ව සේවා කාල පරතරය දීර්ඝ කරන බව පැහැදිලි කරමින් ඔහු තවදුරටත් කාර්ය සාධනය මත පදනම් වූ නඩත්තු ක්‍රම පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කළේය. ‘‘මෙමඟින් අනවශ්‍ය අක්‍රිය කාලය සහ පිරිවැය අඩු කරනු ලබනවා.” ඒ වගේම එන්ජිමේ ආයු කාලය ද උපරිම කිරීමට එය ඉවහල් වන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

පර්‌යේෂණ කටයුතු පදනම් කරගත් සේවා සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට DIMO සහ MTU සැලසුම් කර තිබේ. දේශීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උසස් විසඳුම් සකස් කිරීමටත්, සහයෝගීතාව ඔස්සේ දියත් කරන පර්‌යේෂණ සහ සංවර්ධන කටයුතු හරහා නව එන්ජින් ප්‍රභේද සංවර්ධනය කිරීමටත් මෙම ආයෝජන ඔස්සේ වැඩි අවධානය යොමු කෙරේ. මේ සම්බන්ධයෙන් MTU හි අධ්‍යක්ෂිකා (Parts & Logistics) (Asia) Gan Yien Yien, මහත්මිය සිය අදහස් එකතු කළේ මෙසේය. "MTU ValueCare  හඳුන්වා දී තිබෙන්නේ විශේෂයෙන්ම උපරිම සේවා කාලයක්, දිගු ආයු කාලයක් සහ ප්‍රශස්ත පිරිවැයක් වෙනුවෙන්. මෙය සේවාදායකයන්ගේ උපකරණවලට වඩාත් ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති එකම සේවා පෙළයි. සේවා පමණක්ම නොවේ, අපි "MTU ValueCare  සමගින් සේවාදායකයන්ට උපරිම විශ්වාසයක් ලබා දෙනවා. මෙහිදී අමතර කොටස්වල සිට නඩත්තුව සහ කාර්ය මණ්ඩල පුහුණුව දක්වා, සෑම අංගයක්ම නිර්මාණය කර තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ පහසු වෙනුවෙනුයි.”

ලංකා නාවික හමුදාවේ නාවික යාත්‍රා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ හමුදාවල එන්ජින්, ලංකා විදුලිබල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ සෞඛය අමාත්‍යාශයේ ප්‍රධාන ජාතික යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම නෙළුම් කුලු‍ණ සහ පෞද්ගලික අංශයේ තවත් ව්‍යාපෘති කිහිපයක් ද MTU මගින් බල ගැන්වේ. 

මීට අමතරව DIMO  විසින් මාලදිවයිනේ නාවික පොලීසිය, සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ යාත්‍රා 30කට වැඩි ගණනක් සඳහා MTU එන්ජින් සපයා ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ නාවික ඉංජිනේරු තාක්‍ෂණය ශක්තිමත් කිරීම සඳහා ද පෙරමුණ ගෙන සිටියි.



අදහස් (0)

MTU-DIMO සහයෝගීතාවෙන් ලංකාවේ සහ මාලදිවයිනේ නාවික ඉංජිනේරු අංශ බලගැන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site