LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුවර නගරයේ කැපී පෙනෙන ස්ථානයක පිහිටි නව ශාඛාව පසුගිය දා මහනුවර හිල් වීදියේ අංක 11 දරන ස්ථානයේ විවෘත කරන ලදී.
මහනුවර නගර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා සහභාගි වූ අතර LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් මහතා, LOLC ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා සමඟ LOLC ෆිනෑන්ස් කළමනාකාරීත්ව කණ්ඩායම, කාර්යමණ්ඩල සාමාජිකයන්, ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මහනුවර නගර ශාඛාව නව ස්ථානයකට රැගෙන යාමේදී පුළුල් ගනුදෙනුකරුවන් සංචිතයකට LOLC ෆිනෑන්ස් සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. LOLC ෆිනෑන්ස් සෑම විටම අප සමූහයේ ආචාර ධර්ම පද්ධතියේ කොටසක් ලෙස අපේ ජන ප්‍රජාවන්හි ජීවිත සාරවත් කිරීම සහ නඟා සිටුවීමේ අරමුණෙන් කටයුතු කරනවා. රුපියල් බිලියන 300 ඉක්ම වූ වත්කම් සංචිතයක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස් මූල්‍ය සහභාගීත්වය දරිද්‍රතාව තුරන් කොට සශ්‍රීකත්වය ඉහළ නැංවීමේ මඟ බව විශ්වාස කරනවා. ජාතික ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා අතිශය වැදගත් ක්ෂේත්‍රයවල මූල්‍යකරණය පුළුල් කිරීමේ අවශ්‍යතාව, වර්තමානයේ අපගේ කාර්යභාරය බව අපි පැහැදිලිව හඳුනාගෙන සිටිනවා.”
ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රවේශය සලකුණු කරමින් LOLC ෆිනෑන්ස් දැන් ශාඛා 210 කින් සමන්විත වන අතර, සක්‍රීය ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 600,000 ඉක්මවයි. සමාගමේ සමස්ත ණය කළඹ රුපියල් බිලියන 200 ඉක්මවන අතර, රුපියල් බිලියන 150 කට වැඩි තැන්පතු සංචිතයකින් එය ශක්තිමත් වී තිබේ.”
595
ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව
ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.
වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි