IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


LOLC රක්ෂණ සමාගම්හි අභිවෘද්ධියට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට නව පත්වීම්

LOLC රක්ෂණ සමාගම,LOLC ජීවිත රක්ෂණ හා LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම්හි  අධ්‍යක්ෂ මණ්ඩලයේ සුවිශේෂී පත්වීම් දෙකක් පිළිබඳ නිවේදනය කර තිබේ. LOLC රක්ෂණ සමාගම්හි තිරසාර වර්ධනයක් ඇති කිරීම, ආයතනික පාලනයන් ශක්තිමත් කිරීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කරනු ලැබූ මෙම නායකත්ව පත්කිරීම්, නව දර්ශනයක් සහ ජවයක් සමගින් උපායමාර්ගික දිශානතියක  නව පරිච්ඡේද සනිටුහන් කරනු ඇත. 

චන්දන එල්. අලුත්ගම මහතා, LOLC ජීවිත රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන නිලධාරී ලෙසත්, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් පත් කර තිබේ. ඒ සමගම LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති ධූරය දරන කිත්සිරි ගුණවර්ධන මහතා, එම ධූරයට අමතරව, LOLC ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ඇත. 

ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 33 කට වැඩි පළපුරුද්දක් මෙන්ම නායකත්වය, ආයතනික පාලනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ පුළුල් විශේෂඥතාවක් සහිතව LOLC රක්ෂණ සමාගම් සමග සම්බන්ධ වූ අලුත්ගම මහතා, ඊගල් ඉන්ෂුවරන්ස් පීඑල්සී (සූරිච් මූල්‍ය සේවා සමූහය), HNB ඇෂුවරන්ස් පීඑල්සී සහ HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතනවල ජ්‍යෙෂ්ඨ තනතුරු දරා තිබේ. ඊට අමතරවල LOLC රක්ෂණ සමාගම හා එක්වීමට පෙර, ඔහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ජෙනරල් ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස සේවය කර ඇති අතර තම සේවා කාලය තුළදී, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් ව්‍යවස්ථානුකූලව වෙන් කිරීමට 2024 වසරේදී මූලිකත්වය දුන් අතර, ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සහ කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රධාන වෙනස්කම් රැසක් සාර්ථක ලෙස මෙහෙයවීය. 

වෘත්තීය ජයග්‍රහණවලට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට උපදේශකයකු වන අලුත්ගම මහතා වසර 20 කට වැඩි කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකයකු ලෙසද කටයුතු කරයි. අලුත්ගම මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හා කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු සහ වරලත් කළමනාකරුවකුද වෙයි. 

වසර 35 කට වැඩි කාලයක් නීති ක්ෂේත්‍රයේ, රාජ්‍ය අංශයේ සහ ආයතනික ක්ෂේත්‍රයේ, පළපුරුද්දක් සහිත කිත්සිරි ගුණවර්ධන මහතා 2004 වසරේ සිට LOLC සමූහයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥයකු ලෙස, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ  (IRCSL)  නීති සහ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ ලෙස මෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත. ගුණවර්ධන මහතා, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ වර්තමාන සභාපති සහ LOLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස ද සේවය කරන අතර, LOLC සමූහයෙහි දේශීය සහ ජාත්‍යන්තර අනුබද්ධ ආයතන වල හෝටල්, මූල්‍ය සේවා සහ වැවිලි ක්ෂේත්‍රයන්හි ද අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දරයි. 

විශේෂයෙන්ම, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ^ IRCSL)  ඇතුළු නියාමන අංශයේ විශේෂඥතාව සමඟ LOLC සමූහයේ විවිධාංගීකරණය වූ දේශීය හා විදේශීය ව්‍යාපාර මෙහෙයුම් වලදී ලද ඔහුගේ නායකත්ව අත්දැකීම් භාවිත කරමින්, ගුණවර්ධන මහතා LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් බවට පත්කිරීමට මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රථම ඩිජිටල්, ව්‍යාපාර සහ ප්‍රජා ව්‍යපෘති දියත් කිරීම් සඳහා පුරෝගාමීත්වය ගෙන කටයුතු කරන ලදී. 

 



අදහස් (0)

LOLC රක්ෂණ සමාගම්හි අභිවෘද්ධියට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට නව පත්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 880 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site