IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


LOLC ඇඩ්වාන්ස්ඩ් කොවිඩ් හඳුනාගැනීමට RT-LAMP පරීක්ෂණ කට්ටලය දියත් කරයි

කොරෝනා ව්‍යාප්තිය, ලොව පුරා රෝගයට ප්‍රතිකාර කිරීමේ සිට හඳුනාගැනීම දක්වා වූ පුළුල් විද්‍යාත්මක පර්යේෂණ දිරිගැන්වූ අතර LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් සමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) හා එක්ව සිලෝන් නැනෝ ඩයග්නෝස්ටික්ස් පෞද්ගලික සමාගම (CNDL) හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද RT-qPCR කොරෝනා වයිරස් හඳුනාගැනීමේ සම්මත ක්‍රමයේ සීමාවන් ඉක්මවමින් ‘ලෑම්ප්’ (loop-mediated isothermal amplification (LAMP) ක්‍රමවේදය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන ලදී.

මෙම නව ක්‍රියාවලිය සාම්ප්‍රදායික PCR පරීක්ෂණවලට සමාන වන අතර, න්‍යෂ්ටික අම්ල විස්තාරණය එක් උෂ්ණත්වයක දී සිදුවීම එහි විශේෂත්වයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, PCR පරීක්ෂණ සඳහා අනිවාර්ය තාප චක්‍ර වැනි උපකරණ RT-LAMP ක්‍රමවේදයේ දී අවශ්‍ය නොවේ. රෝග විනිශ්චය පිළිබඳ සැලකූ විට මෙම නව ක්‍රමය RT-qPCR පරීක්ෂණවලට වඩා වේගවත්, භාවිතයට පහසු, මෙන්ම ලාභදායී වේ. මෙහිදී පුළුල් PH අගය සහ උෂ්ණත්ව පරාසයන්, ක්‍රියාවලියට ලක් නොවූ සාම්පල විශ්ලේෂණයට ඇති හැකියාව මෙන්ම කියවීමේ ක්‍රමවේදයේ නම්‍යශීලී බව ඇතුළු වාසි රැසක් හිමිවන්නේ PCR පරීක්ෂණවලට සමාන නිශ්චිතතාව සහ සංවේදීභාවය පවත්වා ගනිමිනි.

සිලෝන් නැනෝ ඩයග්නෝස්ටික්ස් පෞද්ගලික සමාගම හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද්දේ RT-LAMP කට්ටල නිෂ්පාදනය ඇතුළු අණුක රෝග විනිශ්චය ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙනි. LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් සමාගම CNDL හි සියයට 50 ක කොටස් හිමිකම් දරන බ්‍රවුන් ෆාමා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාරිත්ව ආයතනය ලෙස කටයුතු කරන අතර SLINTEC ඉතිරි සියයට 50 කොටස් හිමිකම දරයි.

සංකල්පය තහවුරු කිරීමෙන් පසු, SLINTEC හි RT-LAMP පරීක්ෂණ ක්‍රමවේදය ජ’පුර විශ්වවිද්‍යාලය මගින් දැනට පවතින RT-PCR ක්‍රමය වෙනුවට අනුමත කරන ලදී. එහිදී එම විශ්ව විද්‍යාලය මගින් සපයන ලද 200 කට අධික රෝගීන්ගේ සාම්පලවලින් වෙන්කරගත් RNA විශ්ලේෂණයට ලක් කෙරිණ. ඉන් අනතුරුව ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය (IDH) මගින් සපයන ලද ආසාදිත රෝගීන්ගේ වෛරස් සාම්පල ජ’පුර විශ්ව විද්‍යාලයේ ඇති RT-qPCR භාවිතයෙන් පරික්ෂාවට ලක්කරන ලදී. ඉන්පසු SLINTEC හි RT-LAMP පරීක්ෂණ කට්ටලය එහි ක්‍රියාකාරිත්වය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් එකිනෙකට වෙනස් පරීක්ෂණාගාර තුනක දී (IDH, කරාපිටිය ශික්ෂණ රෝහල සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය) ස්වාධීනව අනුමත කරනු ලැබීය.

යහ නිෂ්පාදන ක්‍රියාවලි (GMP) විගණනයකින් අනතුරුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, CNDLහි පහසුකම් මගින් RT-LAMP පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාදී තිබේ. මීට අමතරව, LAMP තාක්ෂණය ශ්‍රී ලංකාවෙ භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය කැමැත්ත පළකර ඇත.

දැඩි අනුකූලතා විගණනයකින් පසු නිෂ්පාදනාගාරයට යහ නිෂ්පාදන ක්‍රියාවලි (GMP) සහතිකය පිරිනමන ලද අතර අවසානයේ නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ අණුක රෝග විනිශ්චය වෙළඳපොලේ වාණිජමය භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය හිමිවිය. RT-LAMP පරීක්ෂණ තාක්ෂණය ශ්‍රී ලංකාවට අලුත් වුවද, එය දැනට ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක භාවිතා වේ.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් LOLC සමූහයේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා මෙසේ පැවසීය.“විද්‍යාව, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ LOLC ආයෝජන ඉහළ නැංවීම, දැනුම සහ විද්‍යාත්මක නවෝත්පාදන සඳහා වූ අපගේ නොනිත් ආශාව සහ කැපවීම පිළිබිඹු කරන අතර, එය දේශීය අගය එකතු කිරීම මත කේන්ද්‍රගතවී ඇත. මෙම සහයෝගීතාවෙන් එය සැබැවින්ම ඉටුකර ඇති අතර විශේෂයෙන් පරිණාමය වන ගෝලීය වසංගතයක තීරණාත්මක අවධියකට එළඹ සිටිය දී එය සිදුකිරීමට හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටු වෙමි. ප්‍රමුඛ සමාගම් සමූහයක් ලෙස, දේශීය විද්‍යාඥයන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ කුසලතා සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් ගවේෂණයන්හි යෙදීමට වේදිකාවක් සපයමින්, එවැනි අගය එකතු කිරීම් සඳහා අඛණ්ඩව ආයෝජන සිදුකිරීමට අපි කැපවී සිටිමු.”

LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් යනු LOLC සමූහයේ පර්යේෂණ හස්තයයි.



අදහස් (1)

LOLC ඇඩ්වාන්ස්ඩ් කොවිඩ් හඳුනාගැනීමට RT-LAMP පරීක්ෂණ කට්ටලය දියත් කරයි

sam Sunday, 19 December 2021 12:25 PM

ශ්‍රේෂ්ඨයි...!

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ
2025 පෙබරවාරි මස 09 415 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස


වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන
2025 පෙබරවාරි මස 09 299 0

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත


යුද හමුදාපතිට පාසලෙන් උපහාර
2025 පෙබරවාරි මස 09 242 0

කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා


ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති
2025 පෙබරවාරි මස 09 104 0

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ


කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්
2025 පෙබරවාරි මස 09 390 0

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.


ප්‍රදේශ රැසකට යළි විදුලිය ඇන හිටලා
2025 පෙබරවාරි මස 09 415 0

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 55 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 115 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 862 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site