IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


JAT සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි

JAT Holdings PLC සමාගම විසින් ආරම්භ කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. 
මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings  ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්විණ. නිල වශයෙන් මෙම වැඩසටහනට සුදුසුකම් ලැබූ පිරිස අතුරින් තෝරාගත් ජයග්‍රාහකයන් කණ්ඩායමකට ඔවුන්ගේ ත්‍යාග පෞද්ගලිකව ප්‍රදානය කෙරුණු අතර, එහිදී රුපියල් මිලියන 15 ට අධික මුදල් ත්‍යාගවල කොටසක් පිරිනැමිණි.
JATPOT 2024 වැඩසටහන සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්, පින්තාරුශිල්පීන් සහ වෙළෙඳ නියෝජිතයන්ට යන සියලු‍ම පාර්ශවවල කැපවීම හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනි.Sayerlack, Masters, J-Chem, Borma Waches, White by JAT, Wallz, Harris,  සහ Brush Master ඇතුළු තෝරාගත් JAT සන්නාම අතුරින්, සුදුසුකම් ලැබූ බලයලත් අලෙවිකරුවන් වෙතින්, අවම වශයෙන් රු. 10,000ක් වටිනා භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන්, සිය මිලදීගැනීම් පිළිබඳ රිසිට්පත ඉදිරිපත් කිරීමෙන් දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබිණි.
ජයග්‍රාහකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය 2024 දෙසැම්බර් මාසයේදී බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම සහ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන ලද අතර, එම ක්‍රියාවලිය පුරාම විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කරන ලදී. අවශ්‍ය සියලු‍ම කරුණු සහතික කරගැනීමෙන් සහ අනෙකුත් තහවුරු කිරීමේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු 2025 මැයි මාසයේ පැවැති උත්සවයේදී ත්‍යාග බෙදාදෙනු ලැබිණි.



අදහස් (0)

JAT සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site