IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Home Lands Skyline මීගමුවේ ඩො.මි. 40 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි

ශ්‍රී ලංකාවේ දේපොළ වෙ‍ළෙඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වනHome Lands Skyline ඇමරිකානු ඩොලර් මිලියන 40 ක සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් සමගින් සුන්දර මීගමු කලපු ප්‍රදේශය, ඓතිහාසික පරිවර්තනයක් කරා ගෙනයාමට සූදානම් වේ. ඒ මීගමු කලපුවට මුහුණ ලා පිහිටි අක්කර 7 කින් යුත් භූමි භාගයක් පුරා විහිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Tourists Resort Apartment සංකීර්ණය ඉදි කරමිනි.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) සිට මිනිත්තු 10 කින් ළඟා විය හැකි දුරකින්, මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයටද යාබදව ඉදිකෙරේ. ආසන්නයේම පිහිටි අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5 කින් ළඟා වීමේ පහසුවද සමගින් මෙම ව්‍යාපෘතිය මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළම පහසුව සලකා ජාත්‍යන්තර මට්ටමේ අවන්හලක් හා සමාජ ශාලාවක් ඇතුළුව පහසුකම් 40 කට අධික ප්‍රමාණයක් පිරිනැමේ. ඉහළම සුවපහසුව හා ක්‍රියාකාරකම් පමණක් නොව, පාරිසරික වගකීම්ද ඉටු කෙරෙන පරිශ්‍රයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වන බැවිනි. සියලු පහසුකම් පිරි මෙම පරිශ්‍රය, ඒ සඳහා ආයෝජනය කරන පිරිසට දිනකට ඇමරිකානු ඩොලර් 125 දක්වා ආයෝජන ප්‍රතිලාභයකට ඉඩ සලසමින් මෙරට දේපොළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ලාභදායී ආයෝජන විකල්පයක්ද වනු ඇත. 

මෙම ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ, කුලුනු 5 ක පිහිටි අති නවීන මහල් නිවාස 280 ක් සහ සුඛෝපභෝගී විලා 40 ක් ඇතුළත්ව වන අතර, සෑම කුලුනක්ම මහල් 7 කින් සමන්විත වේ. එමෙන්ම, 2BR මහල් නිවාස 56 සමන්විතව කුලුනු දෙකක් ඉදිකෙරෙන අතර, වර්ග අඩි 900 - වර්ග අඩි 1095 ප්‍රමාණයේ ඉඩකඩවලින් එහි මහල් නිවාස තෝරා ගැනීමේ පහසුව පවතී. අනෙකුත් කුලුනු 3, වර්ග අඩි 1270 - වර්ග අඩි 1375 බැගින් වූ ඉඩකඩ සහිත 3BR මහල් නිවාස බැගින් සමන්විතව ය. 

මීගමු කලපුව අභිමුව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳව, Home Lands  සමූහයේ සභාපති නලින් හේරත් මහතා සිය අදහස් පළ කළේ මෙසේයි. Home Lands  හි අප විශ්වාස කරන්නේ, මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිමා මායිම් අඛණ්ඩව පුළුල් කිරීමට අපට හැකි බවයි. මෙම මනරම් පරිශ්‍රයේ නවීනතම නිවාස හා විලා සමගින් නූතන පහසුකම් ඇතුළත්ව මෙම ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ තිරසාර ඉදිකිරීම් ක්‍රමවේද අනුව වීම විශේෂත්වයක්. ජාත්‍යන්තර මට්ටමේ සුවපහසුව හා නවීනතම පහසුකම්, පහසුවෙන් ඒ වෙත පිවිසීමේ හැකියාව හා තිරසාරභාවය ඇතුළත් වන පරිදි මෙහි මූලික සැලැස්ම සකස් කර තිබෙන අතරම, ස්වභාවික වටපිටාවෙහි පාරිසරික සුන්දරත්වය සම්මිශ්‍රණය වූ වාස්තු විද්‍යාත්මක වශයෙන් කැපී පෙනෙන ව්‍යුහයක් ඊට ඇතුළත්.” 

ශ්‍රී ලංකාවේ නිශ්චල දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය කැපී පෙනෙන පරිවර්තනයකට ලක් කර ඇති Home Lands  CIDAඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය  ඇගයීමද හිමිකර ගත්, CS2 ශ්‍රේණියේ ඉදිකිරීම් අංශය සතු, මෙරට එකම දේපොළ වෙළෙඳාම් සංවර්ධන ආයතනයයි. ක්ෂේත්‍රය වෙනුවෙන් වසරකට මහල් නිවාස 600ක් එක් කිරීමට කැප වී සිටින Home Lands මේ වන විටත් නිමකර ඇති මහල් නිවාස 3,000කට අධික ප්‍රමාණයක් මෙන්ම, දැනටත් ඉදිවෙමින් පවතින මහල් නිවාස 1,800ක් සමඟින් මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ විසඳුමයි. මෙරට දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන, පර්යේෂණ බුද්ධි ඒකකයෙහි (RIU) සංඛ්‍යාලේඛනවලට අනුව, අද වන විට, සියයට 58 ක විශාල වෙළෙඳපොළ කොටසක්ද සමාගම සතු වේ. 

Home Lands Group විසින් අක්කර 55 ක භූමි භාගයක් පුරා ඉදිකරන ලද, ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය Canterbury Golf Resort Apartments and Villas නිවාස ඒකක 1,200කින් සමන්විත වේ. 



අදහස් (0)

Home Lands Skyline මීගමුවේ ඩො.මි. 40 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site