IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ගිවිසුමක

HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කළේය. කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු සංචාරක කර්මාන්තයේ නියෝජිතයෝ 500 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් දෙවනුවට වැඩිම පිරිසක් පැමිණෙන රට ඉන්දියාව වන අතර 67 වැනි  TAAI සම්මුතිය, ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන්, සංචාරක නියෝජිතයින්, සංචාර මෙහෙයවන්නන් සහ හෝටල් හිමියන්ට නව සම්බන්ධතා ඇති කරගැනීමටත් සහයෝගිතාව වර්ධනය කර ගැනීමටත් කදිම වේදිකාවක් විය. සංචාරක ව්‍යාපාරය ඇතුළුව සියලු‍ම කර්මාන්ත වෙනුවෙන් කැපවෙන HUTCH ආයතනය, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් ක්‍රියාකරුවන් රැසක් වන Jio, Airtel සහ Vodafone Ideaසමඟ එක්ව දිනකට ඇමරිකානු ඩොලර් 1ක් වැනි අඩු මුදලකට රෝමිං පහසුකම් ලබාදීම මඟින් සංචාරක කාල සීමාව තුළ අනපේක්ෂිත බිල්පත් ගාස්තු වලින් සංචාරකයන් සුරක්ෂිත කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හම්ඩි හසන් මහතා මෙසේ පැවසීය. “67 වැනි TAAI සම්මුතියේදී SLAITO සහ TAAI සමඟ අපගේ හවුල්කාරිත්වයට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය ගැන අපි සතුටු වෙනවා. රටේ ප්‍රමුඛතම ටෙලිකොම් ක්‍රියාකරුවකු ලෙස, දේශීය සහ විදේශීය සංචාරකයන්ට විශිෂ්ටතම ජංගම අත්දැකීමක් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම කියා නිම කළ නොහැකි අතර, ආර්ථික වර්ධනයට, රැකියා අවස්ථා ඇති කිරීමට සහ ජාතීන් අතර සංස්කෘතික හුවමාරුවට එය මහත් පිටුවහලක්. අපගේ දීප ව්‍යාප්ත සහ ගෝලීය ආවරණය මෙන්ම E-SIM වැනි පහසුකම් නිසා HUTCH ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සුදුසුම සන්නිවේදන සහකරු බවට පත් කරයි.”‍

සංචාරකයන්ට විශිෂ්ට සංචාරක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් HUTCH සිදුකරන කැපවීම අගයමින් SLAITO හි සභාපති නිශාඩ් විජේතුංග මෙසේ පැවසීය. “මෙම සම්මුතියේ සන්නිවේදන සැපයුම්කරු ලෙස HUTCH කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඔවුන්ගේ විශ්වාසනීය සේවාවන් 67 වන TAAI සම්මුතියේ සාර්ථකත්වයට නිසැකවම දායක වී ඇත. අපගේ සහයෝගිතාව තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව අපට විශ්වාසයි.”

595



අදහස් (0)

HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 417 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site