ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සහ සමාගමට අනුබද්ධිත, මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නරේෂ් තිලකරත්න මහතා පත් කර ඇත. එම සමාගමේ මීළඟ වර්ධන අදියරේදී, මෙහෙයුම් විශිෂ්ටත්වය සාක්ෂාත් කරගැනීමට සහ කොටස්කරුවන්ගේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට ඇති කැපවීම මෙම පත්කිරීමෙන් තහවුරු වේ.
ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රය සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ වසර 35කට අධික අත්දැකීම් සමුදායක් ඇති තිලකරත්න මහතා, ආයතනික අවදානම් කළමනාකරණය, අනුකූලතාව සහ ආයතනික ව්‍යුහගතකරණය පිළිබඳ පුළුල් විශේෂඥතාවකින් හෙබි අයෙකි. ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග කලාපය පුරා විවිධ ආයතනවල ඉහළම විධායක මට්ටමේ (C-level) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවල වසර 15කට වැඩි කාලයක් කටයුතු කර ඇති ඒ මහතා, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ව්‍යුහාත්මක පරිවර්තන සාර්ථකව සිදුකිරීම සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් අත්කරගෙන ඇත.
ආර්පිකෝ රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට පෙර, තිලකරත්න මහතා ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී (පෙර ඇසට්ලයින් ලීසිං සමාගම) හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඔහු AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ණය සහ මෙහෙයුම් සාමාන්‍යාධිකාරීවරයා ලෙසද සේවය කර ඇත.
තිලකරත්න මහතා සතු ජාත්‍යන්තර අත්දැකීම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි කොමර්ෂල් බැංකුවේ ඉහළ විධායක මට්ටමේ වගකීම් දැරීම කැපී පෙනේ. එහිදී, උපරිම මූල්‍ය ප්‍රතිලාභ ළඟා කර ගැනීම සඳහා ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය සහ ලේඛන පාලන පද්ධති ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘති සඳහා ඔහු නායකත්වය ලබා දුන්නේය. ඊට පෙර, මැදපෙරදිග කලාපයේ සිටිබෑන්ක් (Citibank NA Middle East) ) හි දශක දෙකකට අධික කාලයක් විශිෂ්ට සේවයක නිරත වූ ඔහු, මැදපෙරදිග, ඊජිප්තුව සහ පාකිස්ථානය යන කලාප සඳහා එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ණය අවදානම් කළමනාකරණ කලාපීය ප්‍රධානි ලෙසද සේවය කළේය. සිටිබෑන්ක් හි සේවය කළ කාලය තුළ සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඊජිප්තුව සහ බහරේන් යන රටවල ක්‍රීයාත්මක වූ රාජය අනුග්‍රහය ලත් සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදෙස් දීමට සහ මූල්‍ය පහසුකම් ව්‍යුහගත කිරීමට පත්කළ විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක ප්‍රධාන සාමාජිකයකු ලෙසද ඔහු කටයුතු කර ඇත.
ලීන් කළමනාකරණය සහ ආයතනික නායකත්වය පිළිබඳ විශේෂඥයකු වන තිලකරත්න මහතා, වර්තමානයේදී ශක්තිමත් පාලන ව්‍යුහ සහ තිරසාර වර්ධනයක් අපේක්ෂා කරන ආයතන සඳහා උපදේශන සේවා සපයන, කීර්තිමත් ක්ෂේත්‍ර ප්‍රවීණයකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd