ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සිය සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින්  Vito Wood Fired Pizza (www.vitopizza.lk)  6 වැනි ශාඛාව City of Dreams හි he Shoppesහි විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමග ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු  සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයකට රැගෙන ඒමට Vito Pizza  සමත් වී ඇත. 
2017දී මහනුවර නගරයේ සේවකයන්  දෙදෙනකුගෙන් ආරම්භ වූ Vito Wood Fired Pizza  වර්තමානයේදී මෙරට ප්‍රමුඛ දර පෝරණු පීට්සා අවන්හල් සන්නාමයක් බවට පත් වී ඇත. සාම්ප්‍රදායික දැව උඳුන්වල පිසූ ඉතාලි තුනී පීසා දේශීය රස සමඟ නවීන ආකාරයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් Vito Pizza  සන්නාමය පාරිභෝගිකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් දිනා තිබේ.
මෙම නව අවන්හල තුළ අතින් සකස් කළ පීසා පිටි, උසස් තත්වයේ චීස්, දේශීයව සපයා ගන්නා නැවුම් අමුද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික ඉතාලි ආහාර පිසීමේ ක්‍රමවේද යොදා ගනිමින් සකස් කළ ආහාර පාරිභෝගිකයන්ට පිරිනැමේ. පීසා වර්ග රැසකට අමතරව ලසඤ්ඤා, කැල්සෝන්, පැස්ටා, නැවුම් සලාද, අතුරුපස, මිල්ක්ෂේක්, මොක්ටේල් සහ විවිධ පාන වර්ගද මෙනුවට ඇතුළත් වේ. නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට පාරිභෝගිකයෝ, ව්‍යාපාර හවුල්කරුවෝ සහ ආරාධිත අමුත්තෝ රැසක් එක් වී සිටියහ. එහිදී Vito Pizza  කළමනාකාරිත්වය පසුගිය වසර අටක කාලය තුළ සන්නාමයේ වර්ධනයට දායක වූ සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන්, කැප වූ සේවකයන් සහ ව්‍යාපාර හවුල්කරුවන් වෙත සිය කෘතඥතාව පළ කළේය. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ City of Dreams හි ආහාර පාන අත්දැකීම තව දුරටත් ශක්තිමත් වන අතර එහි සුඛෝපභෝගී හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සංකීර්ණ, විනෝදාස්වාද පහසුකම් සහ ආහාර පාන සේවාවලට නව වටිනාකමක් එක් වේ. මහනුවර, කොළඹ, පේරාදෙණිය, මීගමුව, ගාල්ල සහ දැන් City of Dreams පිහි ශාඛා හයකින් සමන්විත Vito Wood Fired Pizza ඉදිරියේදීත් ශ්‍රී ලංකාව පුරා සිය ව්‍යාප්තිය තව දුරටත් පුළුල් කිරීමට සූදානමින් සිටී.