IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


HNB, MAXUS ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්- සමාගම සමග නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වයෙන් MAXUS T90, MIFA 7 සහ MIFA 9  ඇතුළු නවතම MAXUS ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත.
එම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන් හට සුවිශේෂී ලීසිං පහසුකම් සමගින් විශේෂඥ උපදේශන සේවා සහ ආදායමට ගැළපෙන ආකාරයේ මූල්‍ය සැලසුම් මෙන්ම රථ වාහන භාවිත කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබා ගැනීමටද හැකියාව ඇත. එසේම අවම කාබන් විමෝචනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා HNB හි කැපවීමේ තවත් එක් පියවරක් ලෙසද මෙම හවුල්කාරීත්වය සඳහන් කළ හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසීය. “රට තුළ වර්ධනය වෙමින් පවතින ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි අපගේ අඛණ්ඩ අවධානය මෙම හවුල්කාරීත්වය මගින් පෙන්නුම් කරනවා. ඉහළ කාර්ය සාධනයක් සහිත ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් රථ වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා Prestige Automobile සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. තිරසාර විසඳුම් සඳහා වන ඉල්ලුම ඉහළ යන විට අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිලකට හා දිගුකාලීන ප්‍රතිලාභයක් සලසාදෙන මූල්‍ය විසඳුම් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. 
MAXUSසන්නාමය මෙරට රථවාහන පාරිභෝගිකයන් වෙත ගෙන එනු ලබන Prestige Automobile හි නවතම නිෂ්පාදන පෙල අතරට මනා කාර්යසාධනයක් හා කාර්යක්ෂතාවක් සහිත ප්‍රමුඛතම pickup ට්‍රක් රථයක් වන T90 ට අමතරව MIFA 7 හා MIFA 9 ඇතුළත් වේ. උසස් තාක්ෂණය, කාර්යක්ෂමතාව හා සුවිශේෂී ආරක්ෂිත විශේෂාංගවලින් සමන්විත මනා නිමාවකින් යුතු මෙම සියලු රථ වාහන වර්තමාන ප්‍රවාහන අවශ්‍යතා සඳහා මනාව ගැලපේ.



අදහස් (0)

HNB, MAXUS ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site