
භානුක අමරසිංහ
රාජ්‍ය ඩිජිටල් ගෙවීම් පද්ධතිය හෙවත් GovPay සමගින් එක්ව ඇති රාජ්‍ය ආයතන 50 ක් ඉක්මවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. මෙම GovPay පද්ධතියේ අනාගත සැලසුම් එළිදැක්වීම සඳහා ඊයේ (14) පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ලංකාපේ (LankaPay) එක්ව මෙම GovPay ක්‍රියාත්මක කරයි.
වැඩිදියුණු කරන ලද GovPay.lk වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය.
මෙහිදී අනාවරණය වූ ආකාරයට, අද වනවිට GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන 50 කට අධික සංඛ්‍යාවක - රාජ්‍ය සේවා 700 කට වැඩි ගණනක් සඳහා ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා ඇත.
ඒ අනුව GovPay හරහා මේ දක්වා ගනුදෙනු 7024 ක් සිදුකර ඇති අතර මේ හරහා රාජ්‍ය ආදායම ලෙස එකතු කරගෙන ඇති මුදල රුපියල් මිලියන 65.62 ඉක්මවන බවත් සඳහන් වෙයි.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ පැවසීය. “රාජ්‍ය ගෙවීම් ඩිජිටල්කරණය කිරීමෙන්, අපිට කාසි සහ නෝට්ටු භාවිතයෙන් තොර සමාජයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශ විය හැකි සහ කාර්යක්ෂම කිරීමත් මෙහි අරමුණක්.
වත්මන් රජය බලයට පත්වන විට මෙම GovPay වේදිකාව මගින් රුපියල් 50 ක ගාස්තුවක් අය කළා. දැන් එය රුපියල් 15 ක් දක්වා අඩු කර තිබෙනවා. එසේම ඉදිරියේදී මේ සඳහා එකතු වන රාජ්‍ය ආයතන සංඛ්‍යාව වැඩිවීමත්, සිදුවන ගනුදෙනු සංඛ්‍යාව වැඩිවීමත් සමගින් මෙම මුදලද අඩු කළ හැකියි.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ICTA හි සභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා අදහස් දක්වමින්, “GovPay, ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් කරා යන ගමනේ තීරණාත්මක පියවරක්. මෙය සෑම පුරවැසියකුටම රජයේ සේවා සඳහා පහසුවෙන් සහ සරලව ගෙවීම් කිරීමට අවස්ථාව සලසනවා. මේ හරහා සැමට ප්‍රවේශ විය හැකි සහ විශ්වාසනීය ඩිජිටල් පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීමට මග පාදාවි.” යනුවෙන් සඳහන් කළේය.
ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා අදහස් දක්වමින්, “ඉදිරි මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන 100 කට අධික සංඛ්‍යාවක් GovPay සමග සම්බන්ධ කර ගැනීමත්, ඉදිරි මාස 12 තුළ ගනුදෙනු වටිනාකම රුපියල් බිලියනයක් ඉක්මවා යාමත් අපේ අපේක්ෂාවක්. ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් අත්කර ගැනීමේ රජයේ අභිලාෂයට ළඟා වීමට දායක විය හැකි වේවි.” යනුවෙන් පවසා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
GovPay හා එක්වූ රාජ්‍ය ආයතන සංඛ්‍යාව පනහ ඉක්මවයි