IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


First Capital ආයෝජන බැංකුකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සමගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක්වෙයි

ඩිල්ෂාන් වීරසේකර - කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, First Capital Holdings PLC

රන්දිනිත් මදනායක - අලෙවි ප්‍රධානී, First Capital Holdings PLC

ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන  First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශේණිගත කිරීමෙන් (AA) සමාගම පිදුම් ලද අතර, එය සේවාදායකයන් සමාගම කෙරෙහි තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරයි. 

මෙම ජයග්‍රහණය, පාරිභෝගික කේන්ද්‍රීය උපායමාර්ග සහ ඩිජිටල් නවෝත්පාදනය සඳහා First Capital හි කැපවීම අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රයේ First Capital හි නායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි. එය සමාගමේ ස්ථාවර කාර්ය සාධනය, නව්‍ය විසඳුම්, විනිවිදභාවය සහ සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය තත්වය නංවාලීමේ අරමුණ ද පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී, ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය. “ආයෝජන බැංකුකරණයේ ඉහළම සන්නාම ශේණිගත කිරීම සමගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වීමට අපට හැකිවූයේ අප සිදුකරන සෑම කටයුත්තක්ම ගනුදෙනුකරුවන් මූලික කරගෙන සිදුකරන නිසාවෙනි. අපගේ කණ්ඩායම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා නිසි ලෙස තේරුම් ගෙන, ඒවාට සරිලන පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක බවින් ඉහළ මූල්‍ය සේවා රැසක් ලබාදීමට කටයුතු කරන අතරම ආයෝජන ක්‍රියාවලිය සරල හා වඩාත් ආකර්ෂණීය කිරීමට ඩිජිටල් නවෝත්පාදන ද භාවිත කරයි. මෙම ජයග්‍රහණය, සියලු‍ම අවශ්‍යතාවලට සරිලන පහසුවෙන් ලබා ගත හැකි මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට වර්ධනය සඳහා අවස්ථා ලබා දීම සහ නව්‍ය මූල්‍ය විසඳුම් හරහා දිගුකාලීන සමෘද්ධියට සහාය වෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නංවාලීම යන First Capital හි දැක්ම ද පිළිඹිබු කරනවා.”‍

First Capital සමාගමේ අලෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය. “ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට නැවත වරක් එක් වීමට ලැබීම අපිට ආඩම්බරයක්. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට සමීපව සවන් දීම, ඒවාට ගැළපෙන විසඳුම් ලබාදීම සහ සෑම ආයෝජකයකුටම විශ්වාසයෙන් හා ධෛර්යෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට අප අනුගමනය කළ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයේ ප්‍රතිඵලයකි. සියලු‍ම ශ්‍රී ලාංකිකයන් සාර්ථක මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ මෙවලම්වලින් සන්නද්ධ කිරීමට අපි උත්සාහ කරන අතරම, ආයෝජන පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම ද අපගේ එක් ප්‍රමුඛතාවයක්ව පවතී. මෙම ජයග්‍රහණය, විශ්වාසය, ස්ථාවර කාර්ය සාධනය සහ සෑම අවස්ථාවකදීම වටිනාකමක් ලබා දීමට අපගේ ඇති කැපවීම මත ගොඩනැඟු‍ණු First Capital සන්නාමයේ ශක්තිය හා විශ්වසනීයත්වය මනාවට කියාපානවා.”

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීම් සහ උපායමාර්ග උපදේශන සමාගමක් වන Brand Finance UK හි අනුබද්ධිත Brand Finance Lanka විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරන ලද අතර එහිදී ආයෝජනය, සන්නාම ශක්තිය සහ කාර්ය සාධනය මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් භාවිත කරමින් සන්නාම වාර්ෂිකව ඇගයීමට ලක් කෙරේ. සන්නාමයේ ශක්තිය හා කීර්තිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී ඇගයීමක් සහතික කරමින්, පුළුල් මූල්‍ය විශ්ලේෂණයන් සහ තෙවන පාර්ශවීය පාරිභෝගික අදහස් මගින් මෙම ශ්‍රේණිගත කිරීම් තවදුරටත් තහවුරු කරයි.



අදහස් (0)

First Capital ආයෝජන බැංකුකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සමගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site