ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto  විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

මෙම සහයෝගිතාව Radisson  හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම පිළිබඳ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. මෙය හුදෙක් සංකේතාත්මක උත්සාහයක් ලෙස නොව, ක්‍රියාකාරී හා වටිනාකම් මත පදනම් වූ ව්‍යාපාරික ක්‍රමෝපායයක් වේ. ඒ සමගම, වාණිජමය වශයෙන් විද්‍යුත් වාහන භාවිතය පුළුල් ලෙස කිරීමට ඉඩ සලසන විශ්වාසදායක පාර්ශවකරුවකු ලෙස Evolution Auto ස්ථානගත කරයි.

මෙලෙස යොදවා ඇති මෙම වාහන පෙළ, වැඩි ධාරිතාවයකින් යුත් ප්‍රවාහන හා සැපයුම් අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද King Long විද්‍යුත් වෑන් රථ සහ කාර්යක්ෂම නාගරික හෝටල් මෙහෙයුම් කාර්යක්ෂම ලෙස කිරීමට නිර්මාණය කර ඇති KYC විද්‍යුත් වෑන් රථවලින් සමන්විත වේ. මෙම වාහන දැනටමත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා, සේවක ප්‍රවාහනය සහ අභ්‍යන්තර සැපයුම් ඇතුළු විවිධ මෙහෙයුම් සඳහා සක්‍රීයව භාවිත කරයි. කොළඹ, ගාල්ල සහ මහනුවර ඇතුළු ලංකාවේ ප්‍රධාන Radisson  හෝටල් හි මෙහෙයුම් සඳහා සහය දක්වමින්, අවශ්‍ය අවස්ථාවල දී බාධාවකින් තොරව ගමනාගමනය කිරීමට ඉඩ සලසයි.

මෙම විද්‍යුත් වාහන හෝටලයේ මෙහෙයුම් අවශ්‍යතා සමග ගැළපීමෙන්, සත්කාරක ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විශ්වාසනීයතාව සහ සැපයීම වැඩිදියුණු කරන විසඳුමක් Evolution Auto  විසින් ලබා දී තිබේ. මින් හෝටල් ජාලය අතර මෙහෙයුම් සෑම විටම ක්‍රමවත් ලෙස සිදු වන බව සහතික කරයි.

Radisson Hotels Sri Lanka විසින් සිය විද්යුත් වාහන ගමනාගමන සහකරු ලෙස Evolution Auto තෝරා ගන්නා ලද්දේ, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ESG (පරිසර, සමාජ සහ පාලන) අරමුණු යන දෙකටම සහාය වන පරිදි සකස් කරන ලද, විසඳුම් ලබා දීමට ඔවුන්ට ඇති හැකියාව පදනම් කර ගනිමිනි. 

තිරසාරත්වය මගින් පාරිභෝගික අත්දැකීම් සහ සේවා ගුණාත්මකභාවය සෘජුවම ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳ මෙය උදාහරණයක් වේ. මෙම හෝටල් සමූහය විද්‍යුත් ගමනාගමනය වෙත මාරුවීම මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරන අතරම, දෛනික මෙහෙයුම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහ ලංකා පුරා විවිධ හෝටල් ස්ථාන අතර අභ්‍යන්තර ගමනාගමනය සහ සැපයුම් කටයුතුවල දී සිදු වන පාරිසරික බලපෑම් අඩු කරයි.