- සියයට 5 ක උද්ධමන ඉලක්කයෙන් ප්‍රතිශතාංක +2ක ආන්තිකයක් තුළ පැවතීමේ අපේක්ෂාවක්
- 2023 දී වර්ධනය වූ විදේශීය අංශය යුද ගැටුම් නිසා සංකීර්ණ තත්වයට පත්වෙලා
- වෙළෙඳපොළ මත පදනම් වූ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය තවදුරටත්
- IMF ණය වැඩසටහන විදේශීය අංශයේ කෙටි සහ මැදි කාලීන ඉදිරි දැක්මට සහායක්
- 2026 වසරේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වනු ඇතැයි අපේක්ෂාවක්
භානුක අමරසිංහ
දැනට පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් නුදුරු කාලීනව මතුපිට උද්ධමනය වේගවත් ඉහළ යෑමක් පෙන්නුම් කරමින්, පෙර පුරෝකථනය කළ කාලයට පෙර සියයට 5ක ඉලක්කගත මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විශේෂයෙන්ම යුද ගැටුම් හේතුවෙන් ඇතිවන වක්‍ර බලපෑම් මධ්‍යයේ සිදුකෙරෙන බලශක්ති මිල ගණන් සංශෝධනය ඊට ප්‍රධාන ලෙස හේතු වනු ඇති බවත්, උද්ධමන ඉලක්කයෙන් ප්‍රතිශතාංක +-2 ක ආන්තිකය තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ආර්ථික විවරණය තුළ, දේශීය ආර්ථිකයේ ඉදිරි දැක්ම යටතේ වන උද්ධමනය පිළිබඳ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කරයි.
“මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමට පෙර එළැඹි පුරෝකථනවලට අනුව, උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 දෙවැනි භාගය වන විට සියයට 5ක ඉලක්කය කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂාව වුණා. එහෙත් මැදපෙරදිග යුද ගැටුම්වල බලපෑමෙන් ආර්ථිකයට එල්ල වූ සැලකිය යුතු බාහිර කම්පනය හේතුවෙන් සාර්ව ආර්ථික පුරෝකථනවල ප්‍රමාණවත් සංශෝධන කිරීමට සිදුව තිබෙනවා.” මහ බැංකුව පවසයි.
“යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ, වෙළෙඳ ප්‍රවාහ සහ දේශීය මිල ප්‍රවණතා කෙරෙහි ඇතිවිය හැකි වක්‍ර බලපෑම් හමුවේ උද්ධමනයේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතා සාමාන්‍ය කාලයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.”
විශේෂයෙන්ම ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් පිළිබඳ උපකල්පිත ගමන් මග, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ අපේක්ෂිත ආර්ථික වර්ධන ගමන් මග, රජයේ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම, විදේශීය ජංගම ගිණුමේ ශේෂය ඇතුළුව විදේශීය අංශයේ අපේක්ෂිත ප්‍රවණතා සහ එක්සත් ජනපද මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මගින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ව යන කරුණු මත මෙම පුරෝකථන රඳා පවතින බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
“ගෝලීය භාණ්ඩ වෙළෙඳපොළ බලශක්ති සැපයුම් සහ නැව් මාර්ග අවහිර කරමින්, දේශීය බලශක්ති හා ප්‍රවාහන වියදම් සහ පොහොර වියදම් අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යාමට හේතු විය හැකි, තීව්‍ර වූ භූ දේශපාලනික අර්බුද, ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටම්වලින් අවප්‍රමාණය වීමට ඇති හැකියාව, ඉහළ ණය වර්ධනයේ පසු බලපෑම හේතුවෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ ඉල්ලුම් පීඩන ඇතිවීමේ හැකියාව, කෘෂිකර්මාන්තය සහ බලශක්ති අංශවලට බලපෑම් සිදුවන අහිතකර කාලගුණික තත්ව නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාව සහ එමගින් ආහාර හා බලශක්ති උද්ධමනය මත ඉහළ පීඩන ඇතිවීම වැනි සාධක මගින් වාර්තා වන උද්ධමනය, උද්ධමන පුරෝකථනවලට වඩා ඉහළ යෑමේ අවදානම් ඇති කළ හැකිය.”
කෙසේ වෙතත් මෙම මැදපෙරදිග යුද ගැටුම්වල බලපෑම තාවකාලික වනු ඇති බවට උපකල්පනය කර ඇති බව පවසන මහ බැංකුව, ඉන්පසුව ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බවත් පවසයි.
“එහෙත් මෙම බලපෑම් ඇතිවන කාලසීමාව සහ ඒවායේ ප්‍රමාණත්වය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතා පවතී.”
ඒ අනුව 2027 වසරේදී උද්ධමනය යම් පහළ යෑමක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බව පවසන මහ බැංකුව, මැදි කාලීනව සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටම වටා ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියි.
මේ අතර 2023 වසරේ සිට සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සංකීර්ණ තත්වයකට පත්ව ඇතැයිද මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම සංචාරක, වෙළෙඳ සහ ප්‍රේෂණ යන අංශ වෙත අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානම් ඊට හේතු වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ජංගම ගිණුමේ අතිරික්ත වාර්තා කිරීම සහ සංචිත ගොඩනැගීම හරහා යම් ප්‍රමාණයක බාහිර ස්වාරක්ෂක ගොඩනගාගෙන ඇති බවත්, එමගින් කම්පනවලට මුහුණ දීමට ආර්ථිකයට ඇති හැකියාව දියුණු කරගෙන ඇති බවත් පවසයි.
එසේම ඉහළ යන අස්ථාවර ගෝලීය වාතාවරණයක් තුළ බාහිර කම්පනවලට එරෙහි කම්පන අවශෝෂකයක් ලෙස කටයුතු කිරීම සඳහා වෙළෙඳපොළ මත පදනම් වූ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය උපයෝගී කරගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ඉදිරියට ගෙන යෑම සමග විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ කෙටි සහ මැදි කාලීන ඉදිරි දැක්මට සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පවසයි.
“කෙසේ වෙතත් අපනයන ආදායම් වර්ධනය අභිබවා ආනයන වියදම් ඉහළ යනු ඇති අතර, මූලිකවම ඒ හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2026 වසරේදී පුළුල් වනු ඇතැයි අපේක්ෂා වී තිබේ.” මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd