IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Empire Teas 25 වැනි සංවත්සරයට පැමිණි ගෝලීය හවුල්කරුවෝ තේ නිෂ්පාදන ක්‍රියාවලිය නරඹති

Empire Teas  පෞද්ගලික සමාගමේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණි ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර හවුල්කරුවෝ තේ නිෂ්පාදන කටයුතු නැරැඹීමට එක් වී සිටියහ. දශක දෙකකට වැඩි කාලයක් Empire Teas  සමාගමෙන් තේ මිල දී ගන්නා හවුල්කරුවන්ට ප්‍රධාන කාර්යාලයේ කටයුතුවල පටන් තේ ඇසුරුම්කරණය දක්වා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීමට අවස්ථාව ලැබිණි. 
ගාල්ල ප්‍රදේශයේ තේ වතු කිහිපයක් නැරැඹීමටත්, ඓතිහාසික ගාලු‍ කොටුව දැක බලා ගැනීමටත් ඔවුන්ට හැකි විය. මෙරට සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් බෙර වාදන සහ සාම්ප්‍රදායික නර්තනාංග ඇතුළු වැඩසටහන් සංවිධානය කර තිබිණි. වැඩසටහන් මාලාව අවසානයේදී කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයට ජාත්‍යන්තර හවුල්කරුවන්, දේශීය ව්‍යාපාර සහකරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
ව්‍යාපාර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් සංවිධානය කර තිබූ එහිදී විදේශීය අමුත්තෝ රැසක් අදහස් දැක්වූහ.  Hyson  සන්නාමය යටතේ එන තේ මුල් වරට ආනයනය කළ පිරිස අතරෙන් අයකු වන ආචාර්ය නාරායන් (රුසියාව) සඳහන් කළේ Empire Teas  සමාගමේ ඉහළ ප්‍රමිතිය සහ සැපැයුම් විශිෂ්ටත්වය ප්‍රශංසනීය බවයි. ඔහු වසර 22කට වැඩි කාලයක් සමාගම සමග ගනුදෙනු කර තිබේ. වසර 20කට වැඩි කාලයක් ඉතා මිත්‍රශීලීව ව්‍යාපාර කටයුතු සිදු කළ බව රුසියාව නියෝජනය කරමින් පැමිණි ඔල්ගා සඳහන් කළාය. ගැම්බියාවේ සිට පැමිණි මොහමඩ් සඳහන් කළේ ව්‍යාපාර විශිෂ්ටත්වය සහ විශ්වාසනීයභාවය සමග ඉදිරියට යන Empire Teas සමග අඛණ්ඩව රැඳී සිටින බවයි. ශ්‍රී ලාංකික තේ ගෝලීය වශයෙන් බෙදා හැරීමේ අරමුණෙන් Empire Teas  වර්තමානයේදී රටවල් 70කට වැඩි සංඛ්‍යාවක ජනප්‍රිය තේ සන්නාමයක් බවට පත් වී තිබේ. Hyson, Thurson, Akina  සහ  Tea Avenue  වැනි සන්නාම යටතේ වෙළෙඳපොළට එන ඔවුන්ගේ තේ නිෂ්පාදන සඳහා ඇත්තේ විශාල ඉල්ලු‍මකි. “ඉදිරියේදී තව තවත් හවුල්කාරිත්ව ඇති කර ගනිමින් ශ්‍රී ලාංකික තේ නාමය ලොවට ගෙන යන්නට අප සූදානම්. එහිදී අප මෙතෙක් පවත්වා ගෙන ආ ප්‍රමිති ඒ අයුරින්ම රැක ගන්නට කටයුතු කරනවා.” සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ ලු‍ශාන්ත ද සිල්වා මහතා පැවසුවේය.



අදහස් (0)

Empire Teas 25 වැනි සංවත්සරයට පැමිණි ගෝලීය හවුල්කරුවෝ තේ නිෂ්පාදන ක්‍රියාවලිය නරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site