IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


Eco Check Global පාරිසරික තිරසරභාවයට Diamond Excellence සම්මානය


පාරිසරික තිරසාරභාවය පිළිබඳ උපදේශන සේවා සපයන සමාගමක් වන Eco Check Global පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී පාරිසරික තිරසාරභාවය සහ හරිත නව්‍යකරණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. ගාලු‍මුවදොර හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී මෙහෙයුම් සහ ව්‍යාපෘති ප්‍රධානී හිමර්ෂ රාජපක්ෂ වෙත සම්මානය පිරිනැමිණි. 

දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි විශේෂඥයන්ගෙන් සමන්විත එම සමාගම පාරිසරික තිරසාරභාවය හා සම්බන්ධ කර්මාන්ත සඳහා උපදේශන සේවා සහ තාක්ෂණික විසඳුම් සපයයි. Eco Agro Ventures නමින් ආරම්භ වුණු එම සමාගම ගෝලීය පාරිසරික කර්මාන්ත සඳහා අවශ්‍ය සේවා සැපැයීමේ අරමුණෙන් Eco Check Global නමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කළේය.

“විද්‍යාව සමගින් ඉදිරියට” යන්න තේමාව කර ගත් Eco Check Global සමාගම පර්යේෂණ, තාක්ෂණික විශේෂඥතාව සහ ඉදිරිගාමී චින්තනය ප්‍රමුඛ කර සලකයි. වාණිජ ආයතන, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සමග ශක්තිමත් සම්බන්ධතා ඇති කර ගෙන ඇති එම සමාගම වනාන්තර හා ජෛව විද්‍යාව, කාබන් විමෝචනය තුරන් කිරීම, පුනර්ජනනීය බල ශක්තිය, තිරසාර යටිතල පහසුකම්, ජාත්‍යන්තර ව්‍යාපෘති සංවර්ධනය සහ උපදේශනය ආශ්‍රිත සේවා රැසක් සපයයි. ආයතනික කාබන් විමෝචන ගණනය කිරීම, පාරිසරික අනුකූලතා හා සහතිකකරණය, ජල පිය සටහන් විශ්ලේෂණය, කාබන් විමෝචනය පිටුදැකීම සඳහා වන ව්‍යාපෘති සංවර්ධනය, RA සහ FSC සහතිකකරණ උපදේශන සේවා ඒ අතර ප්‍රධාන වේ. ඔවුහු පාරිසරික නිරීක්ෂණ සහ ජෛව විවිධත්ව සංරක්ෂණ, වනාන්තර ප්‍රතිස්ථාපන සහ පුනරුත්ථාපන සේවා ද සපයති. ඊට අමතරව පාරිසරික කළමනාකරණ පද්ධති, වායු ගුණාත්මකභාවය පිළිබඳ තක්සේරු කිරීම්, කසළ කළමනාකරණ, අපජල ප්‍රතිකාර සහ ව්‍යාපෘති කළමනාකරණ සේවාද ඔවුන් වෙතින් ගත හැකිය. පාරිසරික තිරසාරභාවය ඇති කිරීමට වන දායකත්වය තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් Eco Check Global, Eco Check Global Academia යන සුවිශේෂ ව්‍යුහයද හඳුන්වා දී ඇත. අධ්‍යාපනය සහ වෝහාරික විසඳුම් ප්‍රවර්ධනයෙන් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ක්‍රියාමාර්ග එකට යා කිරීම එහි අරමුණයි. සමාගමේ කාර්යාලය අංක 66, වෝල්ටර් ගුණසේකර මාවත, නාවල ලිපිනයේ පිහිටා ඇත. ඔවුන් පසුගිය කාලය පුරා දේශීය සහ අන්තර්ජාතික සම්මාන සහ තත්ව සහතික රැසක් ලබා තිබේ.



අදහස් (0)

Eco Check Global පාරිසරික තිරසරභාවයට Diamond Excellence සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 880 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site