IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි

මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development  සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය.

Eminent International සමාගමේ නිෂ්පාදනයක් වන EMSOL පෙට්‍රල්, ඩීසල් සහ අනෙකුත් පොසිල ඉන්ධනවල ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. වාහන, නාවික යාත්‍රා සහ බොහෝ උපාංගවල ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට එය භාවිත කළ හැකිය. වාහනවලින් පිට වන දුම සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන EMSOL සියයට 20-25 අතර අගයකින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් ප්‍රතිකාරකවලින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැක්කේ සියයට 12-15 අතර අගයකිනි. EMSOL යෙදීමට වාහනවල කිසිදු වෙනසක් කළ යුතු නැත. නිර්දේශිත ප්‍රමාණය ඉන්ධන ටැංකියට යෙදීමෙන් වැඩි බලයක් සහිතව දුමක් නොමැතිව වැඩි දුරක් ධාවනය කළ හැකිය. 

දුම අවම වීමෙන් එන්ජින් ඔයිල් දහනය අවම වේ. ඒ හරහා එන්ජින් ඔයිල් මාරු කළ යුතු කාලය සියයට 30කින් දීර්ඝ වේ. දුම් පරීක්ෂණවලින් සමත් වීමටද EMSOL උපකාර වේ. (EMSOL Fuel System Cleaner ඉන්ධන ටැංකියට යොදා කිලෝමීටර් 20ක් 25ක් ධාවනය කර දුම් පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය. චෙක් එන්ජින් සහ DPF  ගැටලු‍ පහසුවෙන් විසදා ගැනීමටද මෙය යොදා ගත හැකිය.) සුමට එන්ජින් ක්‍රියාකාරිත්වය ධාවනය කරන්නාට දැනෙන වෙහෙස අවම කරන අතර සුරක්ෂිතභාවය ඉහළ නංවයි. සාමාන්‍ය ඉන්ධනවලට EMSOL එකතු කිරීමෙන් අඩු මුදලකට සුපිරි ඉන්ධනවලට සමාන කාර්යක්ෂමතාවක් ලැබේ. යතුරුපැදි, බර වාහන, දුම්රිය, මහා පරිමාණ විදුලි උත්පාදක ඇතුළු ඕනෑම එන්ජින් වර්ගයකට භාවිත කළ හැකිය. 



අදහස් (0)

EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1934 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site