IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


DFCC සහ Fonterra එකතුවෙන් කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම්

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. 

මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන් 30 දෙනකුට තම කිරි ගොවි ව්‍යාපාර සහ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටත්, ඔවුන්ගේ හැකියාව වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන තිබේ. 

මෙම ව්‍යාපෘතිය DFCC බැංකුව සහ Fonterra සමාගම මෙන්ම කිරි ගොවි කර්මාන්තයට සම්බන්ධ තවත් ප්‍රධාන පාර්ශ්ව රැසකට එකට එක් වී, කර්මාන්තය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග අවම කිරීම සඳහා ලැබී ඇති කදිම අවස්ථාවකි. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම, කෘෂිකාර්මික තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි ව්‍යාපාරවලට ලැබෙන වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම යනාදී කරුණු සාකච්ඡා කරන ලදි. 

‘Fonterra ආලෝකා’ හරහා කාන්තාවන්ට තම අවශ්‍යතාවලට අනුව විවිධාකාර වූ මූල්‍ය සේවා රාශියක් ලබාගත හැකි වේ. දෛනික ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන පහසුකම්, විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම් සහ ව්‍යාපාරවල ක්‍රමෝපායික වර්ධනය සඳහා මගපෙන්වන උපදේශන සේවා ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම Fonterra ආලෝකා හරහා ලැබෙන ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරී වෙයි. මීට අමතරව කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක්ද ‘DFCC ආලෝකා’ හරහා ක්‍රියාවට නංවා තිබේ. 

මෙබඳු සේවා ඔස්සේ කාන්තාවන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව සෑම විටම සූදානමින් සිටින අතර, එම සේවාවන් භාවිත කරමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා මෙන් DFCC බැංකුව රට පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන්ට ආරාධනා කර සිටී. 

 



අදහස් (0)

DFCC සහ Fonterra එකතුවෙන් කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site