සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 30 කින් ඉහළට
වත්කම් රු. බි.709 ක්
DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර, බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 30 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY) සියයට 16ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි. එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් දක්වා සියයට10 කින් වර්ධනය කරගනිමින්, තම මූල්‍ය ස්ථාවරත්වය මනාලෙස උපාය මාර්ගිකව පුළුල් කරගෙන තිබේ.
තවද ක්‍රමානුකූලව වර්ධනය වන මූල්‍ය ද්‍රවශීලතා පරිසරයක් මධ්‍යයේ, ණය සහ තැන්පතු පොලී අනුපාත අඩුවීම හමුවේ සහ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම හමුවේ DFCC බැංකුවල ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රතිලාභ ලැබෙන බව තවදුරටත් සහතික කිරීමක් ලෙස මෙය සඳහන් කළ හැකිය. ධනාත්මක සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ශක්තිමත් ප්‍රතිසාධන උත්සාහය හේතුවෙන් බැංකුවේ ණය සහ අත්තිකාරම් සඳහා ශුද්ධ හානිපූරණ ගාස්තුව සියයට 68 කින් අඩු වී රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා විය. ඊට අමතරව, DFCC බැංකුව එහි ආයෝජන ප්‍රශස්ත කරමින්, ඉහළ ප්‍රතිලාභ සහිත රජයේ සුරැකුම්පත් සඳහා නිරාවරණය වැඩි කරමින්, ලාබදායීතාව තවදුරටත් වැඩිකර ගනු ලැබීය.
බැංකුවේ කොටස් මත ප්‍රතිලාභ (ROE) සියයට 10.99 ක් වූ අතර, වත්කම් මත ප්‍රතිලාභ (ROA) සියයට 2.01 දක්වා වර්ධනය විය. එම තත්වය බැංකුවේ කාර්යක්ෂම වත්කම් භාවිතය පිළිබිඹු කරයි. තවද බැංකුවේ මුළු සේවා ගාස්තු සහ කොමිස් ආදායමේ සියයට 8ක වැඩිවීමක් ද වාර්තා කර ඇති අතර, එය ප්‍රධාන වශයෙන් මුදල් පර් යේෂණ බැංකු සේවා ආශ්‍රිත කොමිස් මුදල් සහ ණයවර පත් (Credit Card) මෙහෙයුම් යනාදී ආදායම් මගින් සමන්විත විය. උද්ධමනකාරී තත්වයන් මධ්‍යයේ වුවද, තම මෙහෙයුම් කාර්යක්ෂමතාව මනාලෙස පවත්වාගනිමින්, පිරිවැය පාලන පියවර හරහා බැංකුව මෙහෙයුම් වියදම් ඵලදායී ලෙස කළමනාකරණය පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළයුතුය.
DFCC බැංකුවේ වත්කම් ව්‍යුහය සියයට 13 කින් පුළුල් වී රුපියල් බිලියන 394 ක් විය. එසේම මුළු තැන්පතු සියයට 14 කින් වර්ධනය වී රුපියල් බිලියන 465ක් විය. එය ශක්තිමත් ද්‍රවශීලතා තත්වයක් ලෙස සහතික කළ හැකිය. බැංකුවේ ප්‍රාග්ධන පරිසාධන මට්ටම (CAR) ශක්තිමත්ව පැවැති අතර, නියාමන අවශ්‍යතා ඉක්මවා යමින් සියයට 16.958 ක මුළු ප්‍රාග්ධන පරිසාධන අනුපාතයක් (CAR) පවත්වාගෙන ගිය බව සඳහන් කළ හැකිය.
DFCC බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය අගයමින්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය කොටසකට රුපියල් 6.00 ක ලාභාංශයක් අනුමත කළ අතර, ලාභාංශ ගෙවීමේ අනුපාතය සියයට 31ක් ලෙස පවත්වාගෙන ගියේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
DFCC බැංකුව අභියෝග මැද ඉහළ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නයි